
Nocebo (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඔබ අද්භූත දේවල් එක්ක බැඳුණු Psychological Thriller වලට කැමති කෙනෙක් නම්, Nocebo (2022) කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ චිත්‍රපටයක්. කතාව පටන් ගන්නේ සාර්ථක විලාසිතා නිර්මාණකාරියක් වෙන ක්‍රිස්ටීන්ගෙන්. ඇය එකපාරටම අමුතුම විදිහේ ලෙඩකට ගොදුරු වෙනවා. වෛද්‍යවරුන්ටවත් මේක හොයාගන්න බැරි වෙනවා. ඔය අතරේ තමයි ඇයගේ උදව්වට “ඩයනා” කියලා පිලිපීන ජාතික සේවිකාවක් එන්නේ. ඩයනා කියන්නේ සාම්ප්‍රදායික වෙදකම් දන්න කෙනෙක්. හැබැයි ඩයනා මේ ගෙදරට ආවට පස්සේ වෙන්නේ හිතාගන්න බැරි දේවල්.
ක්‍රිස්ටීන්ගේ ලෙඩේ සුව කරන්න ඩයනා කරන දේවල් ඇත්තටම සුව කිරීමක්ද? නැත්නම් ඒ පිටුපස වෙනත් අරමුණක් තියෙනවද? චිත්‍රපටය පුරාම තියෙන්නේ මනෝවිද්‍යාත්මක සෙල්ලමක්. අපේ හිතේ ඇතිවෙන බය සහ වැරදිකාරී හැඟීම කොයිතරම් දුරට අපිටම වින කරනවද කියන එක මේකෙන් ලස්සනට පෙන්වනවා. කතාව අවසානය වෙනකල්ම කුතුහලය උපරිමයි. ඩයනා ඇත්තටම කවුද සහ ඇයි ඇය මේ පවුල පස්සේ පන්නන්නේ කියන එක දැනගන්න නම් අවසානය වෙනකල්ම බලන්න වෙනවා. දොස්තරලට සනීප කරන්න බැරි ලෙඩක් මන්තර ගුරුකම් වලින් සනීප කරන්න පුළුවන්ද? ඒක ඇත්තක්ද නැත්නම් මායාවක්ද?
Director: Lorcan Finnegan
Cast: Eva Green, Mark Strong, Chai Fonacier
