
Lady in the Water (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඔන්න එහෙනම් අද කියන්න යන්නේ ටිකක් අමුතුම විදියේ, හරියට නින්දට යද්දී අහන සුරංගනා කතාවක් වගේ ෆිල්ම් එකක් ගැන. මේක තමයි “Lady in the Water”.
හිතන්නකෝ ලොකු ඇපාර්ට්මන්ට් සංකීර්ණයක්. මේකේ ඉන්නවා හැමදේම බලාගන්න, ටිකක් කනස්සල්ලෙන් ඉන්න මනුස්සයෙක්. එයා තමයි ක්ලීව්ලන්ඩ් හීප්. මෙයා තමන්ගෙ පාඩුවේ වැඩක් කරගෙන ඉන්නකොට, දවසක් රෑ ඇපාර්ට්මන්ට් එකේ පිහිනුම් තටාකෙන් (Swimming Pool) අමුතු සද්දයක් ඇහෙනවා.
ගිහින් බලනකොට, මෙන්න වතුරේ ඉන්නවා කවුරුවත් නොදන්න අභිරහස් තරුණියක්.
එයා කියනවා එයාගෙ නම “ස්ටෝරි” (Story) කියලා. එයා කියන්නෙ එයා මේ ලෝකෙ කෙනෙක් නෙවෙයි, වතුර යට තියෙන “නිල් ලෝකෙන්” ආපු කෙනෙක් (Narf කෙනෙක්) කියලා. එයා ආවෙ කාටහරි වැදගත් පණිවිඩයක් දෙන්න. හැබැයි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එයාව මරන්න හරිම දරුණු, නපුරු සතෙක් (Scrunt) එයාගෙ පස්සෙන් පන්නනවා.
මුලින් ක්ලීව්ලන්ඩ්ට මේක පිස්සුවක් වගේ හිතුනත්, පස්සෙ එයාට තේරෙනවා මේක ඇත්තටම සිද්ධවෙන දෙයක් කියලා. දැන් ක්ලීව්ලන්ඩ්ටයි, ඒ ඇපාර්ට්මන්ට් එකේ ඉන්න අනිත් අයටයි එකතු වෙලා මේ “ස්ටෝරි”ව අර භයානක සතාගෙන් බේරගෙන, ආපහු එයා ආපු ලෝකෙට යවන්න උදව් කරන්න වෙනවා.
