
Killer Whale (2026) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඔන්න ඉතින් 2026 අවුරුද්දේ හැමෝම මග බලාගෙන හිටපු සුපිරිම Thriller එකක් තමයි Killer Whale කියන්නේ. මේක නිකම්ම නිකම් මාළු දඩයමක් ගැන කියවෙන කතාවක් නෙවෙයි, ඊට එහා ගිය ලොකු කුතුහලයක් සහ භීතියක් එක්ක ගලාගෙන යන සිනමා අත්දැකීමක්.
කතාව පටන් ගන්නේ හරිම නිස්කලංක මුහුදු වෙරළක පිරිසක් විනෝද වෙන්න යන දර්ශනයකින්. හැබැයි ඒ නිස්කලංක බව වැඩිකාලයක් තියෙන්නේ නැහැ. එකපාරටම සිද්ධ වෙන අද්භූත අතුරුදන්වීම් කිහිපයක් නිසා මුළු ප්‍රදේශයම භීතියට පත් වෙනවා. සාමාන්‍යයෙන් “Orca” එහෙමත් නැත්නම් “Killer Whale” කියන සත්තු මිනිස්සුන්ට පහර දෙන්නේ නැහැ කියලයි හැමෝම හිතාගෙන ඉන්නේ. හැබැයි මේ චිත්‍රපටියේ ඉන්න සත්වයා ඊට වඩා හාත්පසින්ම වෙනස්.
මොකක් හරි නොදන්නා හේතුවක් නිසා මේ සත්වයා අසාමාන්‍ය විදිහට ප්රචණ්ඩ වෙලා තියෙන්නේ. මේ ප්රශ්නය විසඳන්න ඉදිරිපත් වෙන්නේ සාගර විද්‍යාඥයෙක් සහ හිටපු නාවික හමුදා නිලධාරියෙක්. ඔවුන්ට මුහුණ දෙන්න වෙන්නේ හිතාගන්නවත් බැරි තරම් දරුණු අභියෝගයකට. දිය යට හැංගිලා ඉන්න මේ මාරක දඩයම්කරුවාගෙන් බේරෙන්න ඔවුන්ට පුළුවන් වෙයිද? නැත්නම් මුහුද මැදදීම මේ සත්වයාට ගොදුරු වෙන්න වෙයිද?
