Image Not Found

Notorious Nick (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

අපි හැමෝම ජීවිතේ ප්‍රශ්න ආවම වැටෙනවා. හැබැයි උපතින්ම එක අතක් නැති කෙනෙක් ලෝකයේ දරුණුම සටන් කලාවක් වෙන MMA (Mixed Martial Arts) වල ශූරයෙක් වෙන්න හීන දකිනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවාද? අන්න ඒ සැබෑ කතාව තමයි Notorious Nick (2021) චිත්‍රපටයෙන් කියවෙන්නේ. නික් නිව්වෙල් කියන්නේ පොඩි කාලේ ඉදන්ම අභියෝග එක්ක සටන් කරපු කෙනෙක්.

නික්ට ඕන වුණේ අනුකම්පාව නෙවෙයි, ගෞරවය. හැමෝම එයාට “බෑ” කියද්දී, එයා තනියම පුහුණු වෙලා රින්ග් එක ඇතුළට බහිනවා. එක අතක් නැතිව එයා කරන සටන් දකිද්දී ඇඟේ ලොම් කෙලින් වෙනවා. මේක නිකන්ම ගහගන්න ෆිල්ම් එකක් නෙවෙයි, මේක තමන්ගේ දුර්වලකම ශක්තියක් කරගන්න හැටි උගන්වන පාඩමක්.

ජීවිතේ කවදාවත් පැරදෙන්න කැමති නැති, අලුතින් හිතන්න කැමති ඕනෑම කෙනෙක් බලන්නම ඕනේ චිත්‍රපටයක් මේක. නික් මුහුණ දෙන මානසික පීඩනය, සමාජයෙන් එන අපහාස සහ ඒ හැමදේම මැද එයා ලෝක ශූරයෙක් වෙන්න දරන උත්සාහය හරිම ආදර්ශමත්. ක්‍රීඩා ලෝලීන්ට විතරක් නෙවෙයි, ජීවිතේ තමන්ගේ ඉලක්ක කරා යන ඕනෑම කෙනෙක්ට මේ චිත්‍රපටය ලොකු ගැම්මක් දෙනවා සුවර්. නික් ඇත්තටම “නොටෝරියස්” (ප්‍රසිද්ධ) වුණේ කොහොමද කියලා දැනගන්න මේ සලරුව බලන්නම වෙනවා.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.