Image Not Found

The Outsider (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ජපානයේ “යකුසා” (Yakuza) ගැන අහලා තියෙනවද? ඒක තමයි ජපානයේ තියෙන ලොකුම සහ භයානකම පාතාල කල්ලිය. සාමාන්‍යයෙන් මේ කල්ලියට පිටරට කෙනෙක්ට එකතු වෙනවා තියා හිතන්නවත් බෑ. ඒ තරම් ඔවුන්ගේ නීති තදයි. හැබැයි The Outsider ෆිල්ම් එකෙන් කියන්නේ මේ යකුසා ලෝකෙට ඇතුල් වුනු ඇමරිකානු ජාතිකයෙක් ගැන කතාවක්. මේකේ ප්‍රධාන චරිතය කරන්නේ අපි කවුරුත් ආස කරන Jared Leto. මිනිහා හිරේ ඉන්නකොට යකුසා සාමාජිකයෙක්ගේ ජීවිතේ බේරගන්නවා. අන්න එතනින් තමයි කතාව පටන් ගන්නේ.

හිරෙන් නිදහස් වුනාට පස්සේ, අර යකුසා සාමාජිකයාගේ උදව්වෙන් අපේ කතා නායකයාට මේ පාතාල පවුලට ලං වෙන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි ඒක ලේසි ගමනක් නෙවෙයි. ජපන් සංස්කෘතිය, ඔවුන්ගේ සම්ප්‍රදායන් සහ ඒ භයානක නීති රීති මැද්දේ පිටරට කෙනෙක් කොහොමද ජීවත් වෙන්නේ? මේක නිකන්ම මරා ගන්න ෆිල්ම් එකක් නෙවෙයි, මේකේ තියෙනවා ගැඹුරු කතාවක්. යකුසා කල්ලිය ඇතුලේ තියෙන බල අරගලය, ද්‍රෝහී වීම් සහ ලේ වැගිරීම් මැද්දේ තමන්ගේ තැන හදාගන්න මේ “පිටස්තරයා” (Outsider) කරන සටන මාරම ත්‍රාසජනකයි.

ෆිල්ම් එකේ පරිසරය හදලා තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ ජපානය තිබුණු විදිහට. ඒ අඳුරු ස්වභාවය, ටැටූ සංස්කෘතිය සහ යකුසා කල්ලියේ ඇතුලාන්තය හරිම ලස්සනට මේකේ පෙන්නනවා. Jared Leto ගේ රඟපෑම ගැන නම් ආයේ කියලා වැඩක් නෑ, මිනිහා ඒ චරිතෙට උපරිම සාධාරණයක් කරනවා. එයාට පුළුවන් වෙයිද යකුසා පවුලේ සාමාජිකයෙක් වෙන්න? නැත්නම් එයාට මැරෙන්න වෙයිද? ක්‍රිම් (Crime) සහ ඩ්‍රාමා (Drama) කැටගරි එකේ ෆිල්ම් වලට ආස ඔයාලට මේක සුපිරි අත්දැකීමක් වෙයි. කුතුහලය පිරුණු, ටිකක් විතර වයලන්ස් (Violence) වැඩි වුනාට බලන්නම වටින ෆිල්ම් එකක්.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.