
Awareness (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි
හිතන්න ඔයාට පුළුවන් කියලා අනිත් අය දකින දේ සහ හිතන දේ පාලනය කරන්න. අන්න ඒ වගේ සුවිශේෂී මානසික බලයක් තියෙන ඉයන් කියන තරුණයා ගැන තමයි Awareness (2023) චිත්‍රපටයෙන් කියවෙන්නේ. ඉයන් සහ ඔහුගේ පියා මේ බලය පාවිච්චි කරලා පොඩි පොඩි හොරකම් කරලා ජීවත් වෙනවා. ඔවුන්ගේ අරමුණ ලෝකයට හොරා සැඟවිලා ඉන්න එක.
හැබැයි එක වැරදීමක් නිසා ඉයන්ගේ මේ රහස ලෝකයට හෙළි වෙනවා. එතනින් පස්සේ ලොකු සංවිධාන දෙකක් ඉයන්ව අල්ලගන්න පස්සෙන් පන්නනවා. එක කණ්ඩායමකට ඕන ඉයන්ගේ බලය පාවිච්චි කරලා ලෝකය පාලනය කරන්න. අනිත් අයට ඕන මේ වගේ බලයක් තියෙන අයව විනාශ කරන්න. ඉයන්ට මේ ප්‍රශ්න වලින් බේරෙන්න පුළුවන් වෙයිද?
මේක නියම Sci-fi සහ Action චිත්‍රපටයක්. කතාවේ යන අතරතුරේදී ඉයන්ට තමන්ගේ අතීතය ගැනත් අමුතු තොරතුරු වගයක් හෙළි වෙනවා. ඇත්තටම ඔහු කවුද? ඔහුට මේ බලය ලැබුණේ කොහොමද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර දැනගන්න නම් Awareness බලන්නම වෙනවා. සැබෑව සහ මායාව අතර වෙනස හඳුනාගන්න බැරි තරමටම මේ චිත්‍රපටය ඔයාව මංමුලා කරයි.
