Image Not Found

Infernal Affairs (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක ආසියාවේ විතරක් නෙවෙයි, මුළු ලෝකෙම හොල්ලපු හොංකොං චිත්‍රපටයක්. හොලිවුඩ්වල ගිය “The Departed” චිත්‍රපටය හැදුවෙත් මේක බලාගෙන තමයි. කතාව සරලයි වගේ පෙනුනට හරිම සංකීර්ණයි. මේකේ ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. එක්කෙනෙක් පොලිස් නිලධාරියෙක්, අනිත් කෙනා පාතාල කල්ලි සාමාජිකයෙක්. හැබැයි වැඩේ කියන්නේ මේ දෙන්නම ඉන්නේ වෙස්වලාගෙන.

කතාව මෙහෙමයි, පොලිසිය රහසිගතව තමන්ගේ නිලධාරියෙක්ව (චැන්) පාතාල කල්ලිය ඇතුලට රිංගවනවා ඔත්තු බලන්න. ඒ අතරේම, පාතාල නායකයා තමන්ගේ ගෝලයෙක්ව (ලව්) පොලිසිය ඇතුලට රිංගවනවා පොලිසියේ තොරතුරු දැනගන්න. දැන් මේ දෙන්නම අවුරුදු 10ක් තිස්සේ ඉන්නේ තමන්ගේ නියම අනන්‍යතාවය හංගගෙන. පොලිසියේ ඉන්න හොරා ඇත්තටම දක්ෂ පොලිස් නිලධාරියෙක් වගේ වැඩ කරනවා. පාතාලේ ඉන්න පොලිස් කාරයා දරුණු මැරයෙක් වගේ ජීවත් වෙනවා.

කාලයත් එක්ක මේ දෙන්නටම තමන් කවුද කියන එක අමතක වෙන්න පටන් ගන්නවා. දවසක් පොලිසියටයි පාතාලෙටයි දෙගොල්ලොන්ටම ආරංචි වෙනවා තමන්ගේ පැත්තේ ඔත්තුකාරයෙක් ඉන්නවා කියලා. දැන් පටන් ගන්නේ මාරාන්තික බළල් මී සෙල්ලමක්. දෙන්නටම ඕන අනිත් කෙනාව අල්ලගන්න. හැබැයි කවුරු ඉස්සෙල්ලා අහුවෙයිද? අහුවෙන කෙනාට අනිවාර්යයෙන්ම මැරෙන්න වෙනවා.

මේ චිත්‍රපටය බලද්දී අපිට නිකන් පුටුවේ ඉඳගන්න බැරි වෙනවා. මොකද හැම මොහොතකම තියෙන්නේ ලොකු සැකයක්. කවුරු දිනයිද? අන්තිමේදී නීතිය දිනයිද නැත්නම් පාතාලය දිනයිද? මේ චරිත දෙකේ මානසික පීඩනය නළු නිළියන් දෙන්නා සුපිරියටම රඟපානවා. Crime Thriller ෆිල්ම් එකක් බලන්න ඕන නම්, මේක තමයි ලිස්ට් එකේ උඩින්ම තියෙන්න ඕන චිත්‍රපටය. අන්තිම ටික නම් හිතාගන්නවත් බැරි වෙයි. කුතුහලය, ඇක්ශන් සහ ඩ්‍රාමා ඔක්කොම එකට කැටි වුණ සුපිරිම අත්දැකීමක්!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.