Image Not Found

Thug Life (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඇක්ෂන් වලට ආදරේ කරන අයට මේ අවුරුද්දේ ලැබෙන ලොකුම තෑග්ගක් තමයි Thug Life (2025). නම ඇහුණම හිතෙන්නේ මේක නිකන්ම මැර කතාවක් කියලා නේද? හැබැයි ඒකට එහා ගිය ගැඹුරු කතාවක් මෙතන තියෙනවා. ලෝකයේ තියෙන අඳුරුම පැති, අපරාධ ලෝකයේ රජ කරන්න දඟලන මිනිස්සුන්ගේ ඇතුළාන්තය මේකෙන් මාරම විදිහට පෙන්නනවා.

කතාවේ ප්‍රධාන චරිතය කියන්නේ නිකන්ම අපරාධකාරයෙක් නෙවෙයි. ඔහුට තියෙනවා තමන්ගේම කියලා ප්‍රතිපත්ති මාලාවක්. හැබැයි මේ “අපරාධ ලෝකයේ රජු” වෙන්න යන ගමන එච්චර ලේසි වෙන්නේ නැහැ. තමන්ගේම හිතවතුන් හතුරන් වෙනකොට, විශ්වාසය කියන දේ බිංදුවටම වැටෙනකොට, ඔහුට සිද්ධ වෙනවා තමන්ගේ ජීවිතේ බේරගන්න වගේම තමන් ආදරේ කරන අය වෙනුවෙන් සටන් කරන්න.

මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය තමයි එහි තියෙන වේගවත් බව. එක මොහොතක්වත් ඔයාට ඇසිපිය හෙලන්න හිතෙන්නේ නැති තරමට දර්ශන පෙළගස්වලා තියෙනවා. හැඟීම් සහ ප්‍රචණ්ඩත්වය කියන දෙකම හරි අපූරුවට මුසු වෙලා තියෙනවා. “ජීවත් වෙන්න නම් දඩයක්කාරයෙක් වෙන්න ඕනෙද, නැත්නම් ගොදුරක් වෙන්න ඕනෙද?” කියන ප්‍රශ්නයට මේ කතාවෙන් ලැබෙන උත්තරය හරිම පුදුම සහගතයි. අවසානයේ ජයග්‍රහණය කරන්නේ කවුද කියන එකට වඩා, ඒ වෙනුවෙන් ගෙවන්න වෙන වන්දිය කොච්චරද කියන එක තමයි මේ Thug Life හරහා අපිට දැනෙන්නේ.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.