Image Not Found

Where the Scary Things Are (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි

අපි හැමෝම පොඩි කාලේ යාලුවෝ එක්ක එකතු වෙලා අමුතු සෙල්ලම් කරනවනේ. හැබැයි Where the Scary Things Are (2022) චිත්‍රපටියේ ඉන්න යාලුවෝ පිරිස කරන සෙල්ලම නම් හිතාගන්න බැරි තරම් භයානක එකක් වෙනවා. මේ කතාවේ ඉන්නේ යොවුන් වියේ පසුවෙන යාලුවෝ සෙට් එකක්. මේ අය නිතරම බලන්නේ සමාජ මාධ්‍ය (Social Media) වල ජනප්‍රිය වෙන්න මොනවා හරි අමුතු දෙයක් කරන්න.

දවසක් මේ අයට අහම්බෙන් දකින්න ලැබෙනවා අමුතු සත්වයෙක්ව. මේ සත්වයා හරිම බය හිතෙන, ඒ වගේම ප්‍රචණ්ඩකාරී කෙනෙක්. හැබැයි මේ යාලුවෝ කරන්නේ ඌව පොලිසියට භාර දෙන එක නෙවෙයි. මුන් හිතනවා මේ සත්වයාව පාවිච්චි කරලා තමන්ට අකමැති මිනිස්සුන්ගෙන් පළිගන්න සහ අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වෙන්න. මුලින්ම මේක විහිළුවක් වගේ පටන් ගත්තත්, ටික වෙලාවකින් තේරෙනවා මේ “සත්වයා” කියන්නේ කාටවත් පාලනය කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි කියලා.

පාලනයෙන් ගිලිහෙන මේ සත්වයා තමන්ගේ “ස්වාමිවරුන්ව” පවා බිලිගන්න පටන් ගද්දි, සෙල්ලම ලේ වැගිරීමක් බවට පත් වෙනවා. මේ චිත්‍රපටිය හරහා වර්තමාන තරුණ පරම්පරාවේ තියෙන ප්‍රසිද්ධ වීමේ පිස්සුව සහ සදාචාරය පිරිහීම ගැන ලොකු පණිවිඩයක් දෙනවා. ඒ වගේම හොරර් (Horror) ෆිල්ම්ස් වලට ආස අයට බය හිතෙන දර්ශන රැසක් මේකේ තියෙනවා. ඇත්තටම අන්තිමට ඉතුරු වෙන්නේ කවුද? මේ භයානක සත්වයා ආවේ කොහෙන්ද? ඒ ටික දැනගන්න නම් අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක බලන්න.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct video download and online viewing
📥 Direct download