
Neighborhood Watch (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි
අපිට ගොඩක් සමීප වෙන්න පුළුවන්, ඒ වගේම අපේ එදිනෙදා ජීවිතය ගැන බයක් ඇති කරන ෆිල්ම් එකක් තමයි Neighborhood Watch. සාමකාමී නේවාසික ප්‍රදේශයක ජීවත් වෙන මිනිස්සු ටිකක් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් “Neighborhood Watch” කියලා කණ්ඩායමක් හදාගන්නවා. හැමදේම හොඳින් සිද්ධ වෙනවා වගේ පෙනුණට, ඒ පිරිස අතරම ඉන්න කෙනෙක් අමුතු විදිහට හැසිරෙන්න ගත්තම තමයි ප්රශ්නය පටන් ගන්නේ.
පිටතින් පේන සුන්දර අසල්වැසි සබඳතා වලට යටින් තියෙන කුහකකම, සැකය සහ ක්‍රෝධය මේ චිත්‍රපටයෙන් මනාව පෙන්නුම් කරනවා. එක මිනීමැරුමක් සිද්ධ වුණාම හැමෝම එකිනෙකාට සැකෙන් බලන්න පටන් ගන්නවා. තමන්ගේ අල්ලපු ගෙදර ඉන්නේ කවුද කියලා ඇත්තටම කවුරුත් දන්නේ නැහැ කියලා ඔයාලට මේක බලද්දී හිතේවි.
මේකේ තියෙන විශේෂත්වය තමයි, අපරාධකරු කවුද කියලා අන්තිම මොහොත වෙනකල්ම හොයාගන්න බැරි වීම. හැම චරිතයක්ම සැක සහිතයි. ඔයාලා හිතන කෙනා නෙවෙයි සමහර විට ඇත්තම මිනීමරුවා වෙන්න පුළුවන්. කුතුහලය සහ සැකය උපරිමයට ගෙන යන මේ කතාව, බලලා ඉවර වුණාම ඔයාලටත් ඔයාලගේ අසල්වැසියෝ ගැන දෙපාරක් හිතන්න පොළඹවනවා සිරාවටම. ඉතින් මේ අභිරහස විසඳගන්න කැමති නම් අදම නරඹන්න.
