
Leprechaun: The Beginning (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි
“Leprechaun” කිව්වම මතක් වෙන්නේ අර රත්තරන් කාසි හොයන, කුරු මිටි හැඩයක් තියෙන කෙනෙක්වනේ. හැබැයි මේ 2025 අලුත් වර්ෂන් එකේ ඉන්නේ ඔයා හිතන විදියේ විහිළුකාරයෙක් නෙවෙයි. මේක Leprechaun කතාවේ ආරම්භය ගැන කියවෙන අඳුරු කතාවක්. අයර්ලන්තයේ ඈත ගම්මානයකට යන තරුණ පිරිසකට අහම්බෙන් මුණගැහෙන පුරාණ රහසක් නිසා මුළු කතාවම වෙනස් වෙනවා.
මුලින්ම හරිම සාමකාමීව පටන් ගත්තට, රත්තරන් වලට තියෙන තණ්හාව නිසා මිනිස්සු කරන වැරදි වලට දඬුවම් දෙන්න මේ අද්භූත ජීවියා එළියට එනවා. මේ චිත්‍රපටයේ විශේෂත්වය තමයි එහි තියෙන අඳුරු පරිසරය සහ මනෝවිද්‍යාත්මක භීතිය. මේකේ ඉන්න ජීවියා හරිම කපටියි වගේම මාරාන්තිකයි. තමන්ට අයිති දේ ලබාගන්න ඕනෑම සීමාවකට යන මේ Leprechaun ගෙන් බේරෙන්න ඒ තරුණ කණ්ඩායම දරන උත්සාහය ගැන තමයි මේ මුළු කතාව පුරාම තියෙන්නේ. පැරණි ජනකතා වල තියෙන අද්භූත ගතිය නවීන විදියට බලන්න කැමති අයට මේක සුපිරි අත්දැකීමක් වෙයි.
