Image Not Found

Geomeun sunyeodeul (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි

කොරියානු සිනමාව කිව්වම ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ‘The Priests’ ෆිල්ම් එක මතක අයට මේක තවත් සුපිරි අත්දැකීමක් වෙයි. මේ කතාව ගෙතිලා තියෙන්නේ බලවත් අඳුරු බලවේගයකින් පීඩා විඳින පිරිමි ළමයෙක්ව බේරගන්න උත්සාහ කරන කන්‍යා සොහොයුරියන් පිරිසක් වටා. හැබැයි මේක අපි දකින සාමාන්‍ය කතාවක් නෙවෙයි. මේ දරුවා මුහුණ දෙන අත්භූත සිදුවීම් පිටුපස තියෙන්නේ හිතාගන්න බැරි තරම් භයානක රහසක්.

කතාව පටන් ගන්නෙම බොහොම නිහඬ ඒ වගේම බය හිතෙන වාතාවරණයකින්. මේ කන්‍යා සොහොයුරියන් තමන්ගේ ජීවිත පවා පරදුවට තියලා මේ අන්ධකාරය එක්ක සටන් කරනවා. සාම්ප්‍රදායික විදිහට කරන්න බැරි දේවල් කරන්න මේ අයට සිද්ධ වෙනවා. විද්‍යාවට හෝ සාමාන්‍ය බුද්ධියට තේරුම් ගන්න බැරි අද්භූත බලවේගයක් එක්ක හැප්පෙද්දී ඔවුන්ට තමන්ගේ ඇදහිල්ල ගැනත් සැකයක් ඇති වෙන තරමට දේවල් දරුණු වෙනවා. ඔයාලා හොල්මන් සහ අද්භූත දේවල් වලට ආස නම් මේක අතහරින්නම එපා. බලන් ඉද්දි හුස්ම හිරවෙන තරමට කුතුහලය වැඩිකරන දර්ශන රැසක් මෙහි තියෙනවා. අවසානය මොකක් වෙයිද? ඒ දරුවා බේරෙයිද නැත්නම් අන්ධකාරය ජයගනියිද කියලා දැනගන්න නම් මේක අනිවාර්යයෙන්ම බලන්නම වෙනවා.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct download and online watch
online නැරඹීමේදී ඉතා වේගවත් ලෙස ලෝඩින් වීම සහ එක දිගට බාධාවකින් තොරව නැරඹිය හැකි විම
සිංහල උපසිරසි සමග නැරඹීමට හැකිවීම සහ භාගත කිරීම ඇති පහසුව
📥 Direct download