
Instintos (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඔයාලා හිතනවාද මනුස්සයෙක්ගේ යටි හිතේ තියෙන රහස් හැමදාම හංගගෙන ඉන්න පුළුවන් කියලා? Instintos කියන්නේ අන්න ඒ වගේ හිතාගන්න බැරි පැත්තක් ගැන කියවෙන සුපිරි සයිකොලොජිකල් තThriller එකක්. මේකේ ප්‍රධාන චරිතයට මුහුණ දෙන්න වෙන්නේ තමන්ගේම හිතේ ඇතිවන අමුතුම හැඟීම් එක්ක. කතාව පටන් ගන්නේ සාමාන්‍ය විදිහට වුණාට, හිටිහැටියේම සිද්ධ වෙන අභිරහස් මරණයක් නිසා මුළු කතාවම උඩුයටිකුරු වෙනවා.
මේ චිත්‍රපටය බලනකොට ඔයාලට දැනේවි අපි හැමෝම ඇතුළේ “සතෙක්” ජීවත් වෙනවා කියලා. ඒ සතා අවදි වුණොත් මොන වගේ විනාශයක් වෙයිද? තමන්ගේ ආදරණීයයන් පවා සැක කරන්න සිද්ධ වුණොත් ඔයා මොකද කරන්නේ? ආශාව, පලිගැනීම සහ බිය අතර දෝලනය වන මේ කතාවේ අවසානය කාටවත් හිතාගන්න බැහැ. ඇත්තටම කවුද වැරදිකාරයා? ඇයි මේ වගේ දෙයක් වුණේ? ඒ හැමදේටම උත්තර හොයන්න නම් Instintos අන්තිම තත්පරය වෙනකම් බලන්නම වෙනවා. විශේෂයෙන්ම මේකේ කැමරාකරණය සහ සංගීතය ඔයාව වෙනම ලෝකයකට අරන් යාවි. ඔයා සයිකොලොජිකල් ත්‍රිලර් රසිකයෙක් නම් මේක අතහරින්නම එපා.
