Image Not Found

Ejen Ali: The Movie 2 (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඔන්න එහෙනම් සයිබර්යායේ වීරයා, ඒ කියන්නේ අපේ Ejen Ali ආයෙමත් වැඩ පටන් අරන්. පහුගිය කාලේ වුණ සිද්ධිත් එක්ක අලි දැන් ටිකක් පරිණතයි වගේම තමන්ගේ වගකීම් ගැන හොඳ අවබෝධයකින් ඉන්නේ. හැබැයි මේ සැරේ අලිට මුහුණ දෙන්න වෙන්නේ කලින් හමුවුණ හතුරන්ට වඩා දහස් ගුණයක් බලවත්, අද්භූත කල්ලියකට. ඔවුන්ගේ ඉලක්කය සයිබර්යා නගරය විතරක් නෙවෙයි, මුළු ලෝකයේම තාක්ෂණික පද්ධතිය තමන්ගේ අතට ගන්න එකයි.

මේ චිත්‍රපටයේදී MATA ආයතනය ඇතුළෙත් ලොකු අර්බුදයක් නිර්මාණය වෙනවා. අලිට තමන්ගේ මිතුරන් ගැන වගේම තමන් ළඟ තියෙන තාක්ෂණය ගැනත් සැකයක් ඇති වෙන අවස්ථා මේ කතාවේ ඕනෑතරම් තියෙනවා. “තමන් කවුද?” කියන ප්‍රශ්නයට අලි මේ පාර අලුත් උත්තරයක් හොයාගනීවිද? අලිගේ අම්මා ගැන තව දුරටත් රහස් හෙළි වෙයිද? කියන එක නම් බලන්නම වෙනවා.

විශේෂයෙන්ම මේ සැරේ ඇනිමේෂන් කොලිටි එක සහ සටන් ජවනිකා ගැනනම් කියන්න වචන නැහැ. සයිබර් පන්ක් ලෝකයක අතරමං වුණා වගේ හැඟීමක් ඔයාට දැනේවි. අලි තනියම නෙවෙයි, එයාගේ සුපිරි ගැජට් කට්ටලයත් එක්ක මේ ලෝකය බේරගන්න කරන සටන හරිම ආකර්ශනීයයි. අවසාන මොහොත වෙනකම්ම හුස්ම හිරවෙන කුතුහලයකින් බලන්න පුළුවන් සුපිරිම නිර්මාණයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. ඔයා ඇනිමේෂන් රසිකයෙක් නම් මේ චිත්‍රපටය මඟ ඇරගන්න එපා.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct download and online watch
📥 Direct download