
Time Trap (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි
කාලය කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. ඒත් කාලය එක තැනක නැවතිලා හෝ වෙනස් විදිහකට ගෙවෙනවා නම්? Time Trap කියන්නේ අන්න ඒ වගේ අමුතුම අත්දැකීමක් දෙන Sci-Fi චිත්‍රපටයක්.
කතාව පටන් ගන්නේ පුරාවිද්‍යා මහාචාර්යවරයෙක් අතුරුදහන් වීමත් එක්ක. ඔහු හෙව්වේ “යොවුන් වියේ උල්පත” (Fountain of Youth) කියන පුරාවෘත්තයක්. ඉතින් මේ මහාචාර්යවරයාව හොයාගෙන ඔහුගේ ශිෂ්‍යයන් පිරිසක් ටෙක්සාස්වල තියෙන අතහැර දමපු ගුහාවකට යනවා. මේ කට්ටිය ගුහාව ඇතුළට බැස්සට පස්සේ තමයි තේරෙන්නේ ඒක සාමාන්‍ය ගුහාවක් නෙවෙයි කියලා.
ගුහාව ඇතුළේ ගත කරන විනාඩියක් එළියේ ලෝකයේ අවුරුදු ගණනාවකට සමානයි! ඔවුන් ගුහාවෙන් එළියට එන්න උත්සාහ කරන හැම වෙලාවකම දකින්නේ එළියේ ලෝකය ඇස් පිය ගහන සැණින් වෙනස් වෙන විදිහයි. මේ ගුහාව ඇතුළේ ඔවුන් තනිවෙලා නැහැ. අතීතයේ මේ ගුහාවට ඇතුළු වුණු ප්‍රාග් ඓතිහාසික මිනිස්සුන්ගේ ඉඳලා අනාගතයේ මිනිස්සු දක්වා හැමෝම මේ කාලයේ උගුලට අහුවෙලා ඉන්නවා ඔවුන් දකිනවා.
චිත්‍රපටය ඉදිරියට යද්දී ඔයාලට හිතාගන්න බැරි තරම් ලොකු කුතුහලයක් ඇති වෙනවා. පෘථිවියට මොකද වුණේ? මේ කට්ටියට ආපහු තමන්ගේ කාලයට යන්න පුළුවන් වෙයිද? අවසානයේ දකින්න ලැබෙන දර්ශන පෙළ ඔයාලව පුදුමයට පත් කරනවා සුවර්. අඩු පිරිවැයකින් කරපු චිත්‍රපටයක් වුණත් මෙහි කතාව ඉතාමත් ප්‍රබලයි. අනිවාර්යයෙන්ම බලන්න ඕනේ අභිරහස් චිත්‍රපටයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.
