
How to Rob a Bank (2007 Sinhala Subtitle | සිංහල උපසිරැසි
නම දැක්කම හිතෙන්නේ මේක නිකම්ම බැංකුවක් කොල්ලකන හැටි පෙන්වන උපදෙස් මාලාවක් වගේ කියලද? නැහැ, How to Rob a Bank (2007) කියන්නේ ඊට වඩා ගොඩක් වෙනස්, හරිම වේගවත් සහ කුතුහලය පිරුණු ක්‍රයිම් තThriller එකක්. කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ජින්ක්ස් (Jinx). මිනිහා අහම්බෙන් බැංකුවක ATM මැෂින් එකක් ගාව ඉද්දී ලොකු බැංකු කොල්ලයකට මැදි වෙනවා.
හිතාගන්න බැරි විදිහට ජින්ක්ස් සහ බැංකුවේ වැඩ කරන ලස්සන තරුණියක් ඒ බැංකුවේ තියෙන ලොකුම සේප්පුව (Vault) ඇතුළේ හිරවෙනවා. එළියේ බැංකුව කොල්ලකන කල්ලිය ඉන්නවා, පල්ලෙහා පොලිසිය වට කරලා ඉන්නවා. ජින්ක්ස් ඉන්නේ මේ දෙගොල්ලොම මැද. පුදුම වැඩේ කියන්නේ ජින්ක්ස් සේප්පුව ඇතුළේ ඉඳන් එළියේ ඉන්න හොරුන්ටයි, පොලිසියටයි දෙන්නටම ෆෝන් එකෙන් කතා කරමින් ගේමක් ගහනවා.
එයා හොරුන්ට උදව් කරනවද? නැත්නම් පොලිසියට උදව් කරනවද? එහෙමත් නැත්නම් එයාගේම වෙනම ප්ලෑන් එකක් තියෙනවද? අන්න ඒක තමයි මේ චිත්‍රපටයේ තියෙන ලොකුම ගැටලුව. චිත්‍රපටය පුරාම “බැංකුවක් කොල්ලකන හැටි” ගැන පියවරවල් 10ක් ගැන කියවෙනවා. හරිම සරලව පටන් ගන්න කතාව අවසානය වෙද්දී හිතාගන්න බැරි විදිහට කැරකෙනවා. මේකේ තියෙන හාස්‍යය වගේම ක්‍රියාදාම නිසා ඔයාලට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. පොඩි අයවැයකින් කරපු ෆිල්ම් එකක් වුණත්, මෙහි තියෙන කතාවේ තියෙන අලුත් බව නිසා මේක
