
Pay It Forward (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඔයාලා කවදා හරි හිතලා තියෙනවද අපේ එක පොඩි හොඳ වැඩකින් මුළු ලෝකයම වෙනස් කරන්න පුළුවන් කියලා? අන්න ඒ වගේ හරිම සංවේදී වගේම ලස්සන කතාවක් තමයි Pay It Forward කියන්නේ. මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ට්‍රෙවර් මැකිනි කියන අවුරුදු 11ක පුංචි පිරිමි ළමයෙක්. එයාගේ ඉස්කෝලේ අලුත් සමාජ අධ්‍යයනය ගුරුවරයා දෙනවා අපූරු පැවරුමක් (assignment එකක්). ඒ තමයි “ලෝකය වෙනස් කරන්න පුළුවන් ක්‍රමයක් ගැන හිතලා ඒක ක්‍රියාත්මක කරන්න” කියන එක.
ඉතින් මේ පුංචි ට්‍රෙවර් හිතනවා හරිම අමුතු විදිහකට. එයාගේ අදහස තමයි “Pay It Forward”. ඒ කියන්නේ කවුරුහරි ඔයාට උදව්වක් කළොත්, ඒක ආපහු ඒ කෙනාටම කරන්නේ නැතුව, අලුත් තුන් දෙනෙක්ට උදව් කරන්න ඕනේ. එතකොට ඒ තුන් දෙනා තවත් තුන් දෙනෙක් බැගින් උදව් කළාම මේක ලොකු ජාලයක් වගේ පැතිරෙනවා. ට්‍රෙවර් මේ වැඩේ පටන් ගන්නේ එයාගේ ගෙදරින්මයි. එයාගේ අම්ම තියෙන ප්‍රශ්න විසඳන්න වගේම අසරණ වුණු මිනිස්සුන්ට උදව් කරන්නත් එයා මේ ක්‍රමය පාවිච්චි කරනවා.
හැබැයි වැඩේ කියන්නේ මේ හැමදේම හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. ට්‍රෙවර් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ඉක්මනින් ලැබෙන්නේ නැති වුණාම එයා ටිකක් කලකිරෙනවා. ඒත් එයා දන්නේ නැහැ එයා පටන් ගත්ත මේ පුංචි රළ පහර කොයි තරම් දුරකට ගිහින්ද කියලා. ඔයාලට හිතාගන්න බැරි විදිහේ ලොකු වෙනසක් ලෝකය පුරාම වෙන්න පටන් ගන්නවා. හිතට හරිම බරක් දැනෙන, ඒ වගේම අපේ ජීවිත ගැන ආපහු හිතන්න පොළඹවන මේ චිත්‍රපටිය බලලා නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. මිනිස්සුන්ගේ කරුණාව ගැන මීට වඩා ලස්සනට කියපු ෆිල්ම් එකක් මම නම් දැකලා නැති තරම්.
