
Pride and Prejudice and Zombies (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඔබ සාමාන්‍යයෙන් ආදර කතා බලන්න කැමති කෙනෙක්ද? එහෙමත් නැත්නම් ලේ හෙලන සටන් ජවනිකා තියෙන චිත්‍රපට බලන්න කැමති කෙනෙක්ද? මේ දෙකම එකම තැනක තිබ්බොත් කොහොමද? අන්න ඒ වගේ අමුතුම අත්දැකීමක් තමයි Pride and Prejudice and Zombies කියන්නේ. මේකේ තියෙන්නේ අපි කවුරුත් දන්න ජේන් ඔස්ටින්ගේ ප්‍රසිද්ධ නවකතාවට සොම්බි ප්‍රහාරයක් එකතු කරපු විදිහයි.
කතාව පටන් ගන්නේ 19 වැනි සියවසේ එංගලන්තයේදී. හැබැයි මේක අපි දන්න සාමාන්‍ය එංගලන්තය නෙවෙයි. නගරය වටේටම ඉන්නේ මිනිස් මස් කන්න බලාගෙන ඉන්න දරුණු සොම්බි රංචු. ඉතින් මේ කාලේ ජීවත් වෙන බෙනට් පවුලේ දියණියන් පස්දෙනා ගැන තමයි කතාව ගෙතෙන්නේ. සාමාන්‍යයෙන් ඒ කාලේ කෙල්ලෝ ඉගෙන ගන්නේ ගෙදර දොරේ වැඩ වුණාට, මේ කෙල්ලෝ පස්දෙනා කරන්නේ චීනයට ගිහින් සටන් කලාව ඉගෙන ගන්න එක. එයාලා හරිම දක්ෂයි ඕනෑම සොම්බි ප්‍රහාරයකට මුහුණ දෙන්න.
මේ අතරේ තමයි කඩවසම්, හැබැයි ටිකක් ආඩම්බරකාර මිස්ටර් ඩාර්සි කරළියට එන්නේ. එයා දක්ෂ සොම්බි දඩයම්කරුවෙක්. එලිසබෙත් බෙනට් සහ ඩාර්සි අතර ඇතිවෙන ඒ ගැටුම, ආදරය සහ සොම්බි සටන් මැදින් කතාව හරිම ලස්සනට ගලාගෙන යනවා. මංගල උත්සව පවත්වන අතරතුර සොම්බි ප්‍රහාර එල්ල වෙද්දී මේ අය කොහොමද තමන්ගේ පණ බේරගන්නේ? ආදරය දිනයිද, නැත්නම් සොම්බිලා නගරයම විනාශ කරයිද? මේක නිකම්ම නිකම් ආදර කතාවක් නෙවෙයි, ඇඟ කිලිපොලා යන ක්‍රියාදාම රැසක් අඩංගු චිත්‍රපටයක්. ඔබ තවමත් මේක බැලුවේ නැත්නම්, අනිවාර්යයෙන්ම බලන්න වටින අමුතුම විදිහක නිර්මාණයක්.
