
Bullet to the Head (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඔයාලා සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ (Sylvester Stallone) රසිකයෙක් නම් මේක මරුම මූවී එකක්. හැබැයි මේකේ ස්ටැලෝන් ඉන්නේ පොලිස් කාරයෙක් විදිහට නෙවෙයි, මිනිස්සු මරන කෙනෙක් (Hitman) විදිහට. කතාව පටන් ගන්නේ ස්ටැලෝන්ගේ සහකරු මරා දාන එකෙන්. මේ වැඩේ පිටිපස්සේ ඉන්නේ ලොකු පාතාල කල්ලියක්. පුදුම වැඩේ කියන්නේ මේ කල්ලියම පොලිස් නිලධාරියෙක්ගේ සහකරුත් මරලා දානවා. දැන් මෙතන ඉන්නේ නීතියට පිටින් වැඩ කරන මිනීමරුවෙක් සහ නීතිය අකුරටම ඉටු කරන රහස් පරීක්ෂකයෙක්.
මේ දෙන්නටම ඕන කරන්නේ එකම කල්ලියකින් පළිගන්න. ඉතින් හතුරෝ දෙන්නෙක්ට යාළුවෝ වෙන්න සිද්ධ වෙනවා. මේ චිත්‍රපටිය පුරාම තියෙන්නේ පට්ටම ඇක්ෂන් ටිකක්. විශේෂයෙන්ම අවසාන සටන ගැන කියන්නම ඕනේ. මේ කතාවේ දුෂ්ටයා විදිහට රඟපාන්නේ ජේසන් මොමෝවා (Jason Momoa). ඔහු ස්ටැලෝන්ට දෙන සටන ලෙහෙසි පහසු එකක් නෙවෙයි.
ස්ටැලෝන් තමන්ගේ පරණ ක්‍රම පාවිච්චි කරද්දී, අනිත් රහස් පරීක්ෂකයා අලුත් තාක්ෂණය පාවිච්චි කරනවා. මේ දෙන්නගේ ගැටුම් මැද්දේ වැඩේ කොහොම ඉවර වෙයිද? මිනීමරුවෙක්ට පුළුවන්ද නීතිය එක්ක එකතු වෙලා යුක්තිය ඉටු කරන්න? පළිය ගන්න යන මේ ගමනේදී ඔවුන්ට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියලා බලන්න නම් අනිවාර්යයෙන්ම Bullet to the Head බලන්න. කුතුහලය සහ කුළුගැන්වුණු සටන් ජවනිකා පිරුණු මේ චිත්‍රපටිය එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන් ජාතියේ එකක්.
