
Incarnate (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඔයාලා සාමාන්‍යයෙන් බලලා තියෙන්නේ පූජකවරු ඇවිත් ආගමික වතාවත් කරලා භූතයෝ පන්නන ෆිල්ම්නේ (Exorcism). හැබැයි Incarnate කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස්, විද්‍යාත්මක පසුබිමක් තියෙන හොරර් ෆිල්ම් එකක්. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ ආරොන් එක්හාර්ට් (Aaron Eckhart).
ඔහු මේ චිත්‍රපටයේ පෙනී සිටින්නේ සෙත් එම්බර් කියන රෝද පුටුවක ඉන්න විශේෂඥයෙක් විදිහට. ඔහු කරන්නේ මිනිස්සුන්ගේ ශරීරවලට ඇතුළු වෙලා ඉන්න අමනුෂ්‍ය බලවේග පන්නන එක. හැබැයි ඔහු ඒක කරන්නේ යාඥා කරලා නෙවෙයි, තමන්ගේ මනසින් ඒ පුද්ගලයාගේ යටි හිතට ඇතුළු වෙලා. ඔහු මේකට කියන්නේ “පිටමං කිරීමක්” (Eviction) කියලා. දවසක් ඔහුට හමුවෙනවා පුංචි පිරිමි ළමයෙක්. මේ ළමයාගේ ඇඟ ඇතුළේ ඉන්නේ ඉතාමත් ප්‍රබල, දරුණු අමනුෂ්‍යයෙක්.
සෙත් මේ ළමයාගේ යටි හිතට ඇතුළු වුණාම තමයි තේරෙන්නේ, මේ ඉන්නේ තමන් කාලයක් තිස්සේ හොයමින් හිටපු, තමන්ගේ පවුල විනාශ කරපු ඒ පැරණි සතුරාමයි කියලා. දැන් සෙත්ට තියෙන්නේ ද්විත්ව සටනක්. එකක් අර අහිංසක ළමයාව බේරගන්න එක, අනික තමන්ගේ පළිගැනීම සම්පූර්ණ කරගන්න එක. හැබැයි යටි හිතේදී මේ අමනුෂ්‍යයා හරිම කපටියි. ඔහු සැබෑ ලෝකය සහ හීන ලෝකය අතර වෙනස අඳුරගන්න බැරි විදිහට මායාවන් මවනවා. සෙත්ට පුළුවන් වෙයිද මේ මායාවෙන් මිදිලා සටන දිනන්න? අවසානයේ වෙන්නේ කවුරුත් බලාපොරොත්තු නොවන දෙයක්. කුතුහලය පිරුණු හොරර් ෆිල්ම් බලන්න කැමති අයට මේක සුපිරිම නිර්මාණයක්.
