Image Not Found

Raid (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඔයාලා ඉන්දියානු චිත්‍රපටවලට කැමති නම්, ඒ අතරිනුත් සත්‍ය කතාවක් පදනම් කරගෙන හදපු තියුණු කතා තේමාවන්ට කැමති නම් Raid අතහරින්නම එපා. මේකේ ප්‍රධාන චරිතය රඟපාන්නේ අජේ දේව්ගන්. ඔහු ඉතාමත් අවංක ආදායම් බදු නිලධාරියෙක්. ඔහුට ලැබෙන රහස් තොරතුරකට අනුව, ඉන්දියාවේ ප්‍රබලම සහ දරුණුම දේශපාලනඥයෙක්ගේ නිවසක් වටලන්න (Raid) යනවා. මේක නිකම්ම නිකම් සෝදිසි කිරීමක් නෙවෙයි, මහා පරිමාණයේ මුදල් සහ රත්තරන් කන්දරාවක් හොයන මෙහෙයුමක්.

මුළු චිත්‍රපටයම වගේ ගෙවෙන්නේ මේ දේශපාලනඥයාගේ මන්දිරය ඇතුළේ. එක පැත්තකින් නීතිය අකුරටම ඉටු කරන නිලධාරියෙක්, අනිත් පැත්තෙන් මුළු ප්‍රදේශයම තමන්ගේ අණසකට යටත් කරගෙන ඉන්න සල්ලිකාර මැරයෙක්. මේ දෙන්නා අතර තියෙන බුද්ධිමය සටන සහ බල අරගලය හරිම ආකර්ෂණීයයි. “මේ දේශපාලනඥයා මේ නිලධාරියාව මරයිද?” නැත්නම් “ඇත්තටම සල්ලි හම්බවෙයිද?” කියන කුතුහලය මුල ඉඳන්ම තියෙනවා. සිංහල සිනමා රසිකයන්ට අල්ලලා යන විදිහේ ගැම්මක් තියෙන, ඒ වගේම අවසානය දක්වාම කුතුහලය රඳවාගෙන ඉන්න සුපිරි බොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක් තමයි මේ.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct download
📥 Direct download
online watch
watch