
Gernika (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි
අන්තිමට මම ඔයාලට හඳුන්වා දෙන්නේ ඉතිහාසයේ සිදුවුණු ඉතාමත් ඛේදජනක සිදුවීමක් වටා ගෙතුණු අපූරු චිත්‍රපටයක් ගැනයි. ඒ තමයි 2016 වසරේ තිරගත වුණු Gernika (Guernica) චිත්‍රපටය. මේ කතාවට පසුබිම් වෙන්නේ 1937 වර්ෂයේ සිදුවුණු බිහිසුණු ස්පාඤ්ඤ සිවිල් යුද්ධයයි. මේක ආදරය, දේශපාලන කුමන්ත්‍රණ සහ යුද්ධයේ දරුණුකම එකට කැටිවුණු ලස්සනම නිර්මාණයක්.
කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ හෙන්රි කියන ඇමරිකානු ජාතික ප්රවෘත්ති වාර්තාකරුවායි. ඔහු යුද්ධයේ සැබෑ තොරතුරු ලෝකයට වාර්තා කරන්න උත්සාහ කරන, හැබැයි දැන් ජීවිතය සහ මාධ්‍ය කලාව ගැන කලකිරිලා ඉන්න දක්ෂ මාධ්‍යවේදියෙක්. මේ අතරතුර ඔහුට මුණගැහෙනවා තෙරේසා කියන රජයේ පුවත්පත් වාරණ නිලධාරිනියව. මුලින් මුලින් මොවුන් අතර මතභේද ඇතිවුණත්, පස්සේ කාලෙක මේ දෙන්නා අතර හිතාගන්න බැරි තරම් ලස්සන ආදර කතාවක් ගොඩනැගෙනවා.
හැබැයි මේ හැමදේම සිද්ධ වෙන්නේ ගර්නිකා කියන සාමකාමී, ලස්සන නගරයේදීයි. කතාව උපරිම කුතුහලයකට සහ බියකට පත්වෙන්නේ ජර්මානු නාසි ගුවන් හමුදාව විසින් මේ අහිංසක ගර්නිකා නගරයට බෝම්බ හෙළන්න රහසින් සැලසුම් කරන කොටයි. ඉතිහාසය උඩුයටිකුරු කරපු ඒ බිහිසුණු බෝම්බ ප්‍රහාරයෙන් මේ ආදරවන්තයින්ට බේරෙන්න පුළුවන් වෙයිද? හෙන්රිට පුළුවන් වෙයිද මේ mha විනාශයේ සැබෑ තිත්ත ඇත්ත මුළු ලෝකයටම හෙළිදරව් කරන්න? යුද්ධයකදී පාලකයින්ගේ තීරණ නිසා අහිංසක මහජනතාව ජීවිතවලින් වන්දි ගෙවන හැටි මේ චිත්‍රපටයෙන් මාරම තාත්වික විදිහට පෙන්වනවා. මේක නිකන්ම යුද ෆිල්ම් එකක් නෙවෙයි, මිනිස් හැඟීම් එක්ක සෙල්ලම් කරන එකක්. අන්තිම විනාඩි කිහිපය නම් ඔයාලගේ ඇස්වලට කඳුළු උනන එක නවත්තන්න බැරි වෙයි.
