Image Not Found

You’re Next (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි

හොල්මන් චිත්‍රපටවලට වඩා “Home Invasion” එහෙමත් නැත්නම් ගෙදරකට කඩාවදින මිනීමරුවන් ඉන්න චිත්‍රපට බලන්න කැමති අයට You’re Next කියන්නේ පංකාදු නිර්මාණයක්. කතාව පටන් ගන්නේ පවුලක හැමෝම එකතු වෙලා පවත්වන රාත්‍රී භෝජන සංග්‍රහයකින්. හැමෝම සතුටින් ඉන්න වෙලාවක, එකපාරටම සත්ව මුහුණු පැළඳගත්තු පිරිසක් මේ ගෙදරට පහර දෙන්න පටන් ගන්නවා. එතැන් පටන් මුළු චිත්‍රපටයම හුස්ම හිරවන තරම් කුතුහලයකින් සහ වේගවත් දර්ශනවලින් පිරිලා තියෙන්නේ.

නමුත් මේ කතාවේ තියෙන ලොකුම “ට්විස්ට්” එක තමයි, මේ මිනීමරුවන් වැරදි කෙනෙක්ව ඉලක්ක කරගැනීම. ගෙදර ඉන්න එක්තරා තරුණියක්, මේ මිනීමරුවන්ට හිතාගන්නවත් බැරි විදිහේ දරුණු ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන්න පටන් ගන්නවා. එතතකොට අපිට හිතෙනවා “ඇත්තටම මෙතන දඩයක්කාරයා කවුද? ගොදුර කවුද?” කියලා. කවුද මේ ගෙදර අයට පහර දෙන්නේ? ඇයි මේ වගේ දෙයක් කරන්නේ? මේ ප්‍රශ්නවලට උත්තර හොයන ගමන්, බයෙන් ගැහි ගැහි බලන්න පුළුවන් සුපිරි Thriller එකක් තමයි මේ. ඔයාලා ලේ හෙලන දර්ශන සහ මොළය පාවිච්චි කරලා ගහන ගේම්ස්වලට කැමති නම් මේක මග ඇරගන්න එපා.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct download
📥 Direct download
online watch
watch