Image Not Found

The Last Days on Mars (2013 Sinhala Subtitle | සිංහල උපසිරැසි

Sci-Fi (විද්‍යා ප්‍රබන්ධ) සහ Horror ගණයේ සිනමාපට වලට ආදරය කරන අයට නම් මේක නියම භාණ්ඩයක්. ඒ තමයි ‘The Last Days on Mars (2013)’ චිත්‍රපටය. මේ කතාව ගෙතෙන්නේ පෘථිවියෙන් ඈත තියෙන අඟහරු ලෝකයේ (Mars). ගගනගාමීන් පිරිසක් තමන්ගේ මාස හයක අසීරු පර්යේෂණ මෙහෙයුම සාර්ථකව අවසන් කරලා නැවත පෘථිවියට එන්න සූදානමින් ඉන්නේ. ඔවුන්ට අඟහරු ලෝකයේ ඉතිරි වෙලා තියෙන්නේ තවත් පැය කිහිපයක් වැනි කෙටි කාලයක් විතරයි. හැබැයි ඒ අවසන් මොහොතේ එක විද්‍යාඥයෙකුට අඟහරු පසෙන් අමුතුම විදියේ බැක්ටීරියා ජීවයක සලකුණක් හමුවෙනවා.

පාලක මධ්‍යස්ථානයේ නියෝග වලට පිටින් ගිහින්, කාටවත් නොකියා මේ ගැන තවදුරටත් සාම්පල එකතු කරන්න යන මේ විද්‍යාඥයා අවාසනාවන්ත අනතුරකට ලක්වෙලා අඟහරු පෘෂ්ඨයේ තියෙන ලොකු ආගාධයකට ඇදගෙන වැටෙනවා. ඔන්න ඔතනින් තමයි මුළු කතාවම ත්‍රාසජනක මාවතකට හැරෙන්නේ. මේ අද්භූත බැක්ටීරියාව ශරීරගත වීම නිසා මියයන පිරිස නැවතත් දරුණු, ආක්‍රමණශීලී ජීවීන් පිරිසක් (Zombies වගේ) බවට පත්වෙලා ඉතිරි වී සිටින ගගනගාමීන්ට දරුණු ලෙස පහර දෙන්න ගන්නවා.

පිටස්තර ග්‍රහලෝකයක, කිසිම බාහිර උදව්වක් නැතිව, සීමිත ඔක්සිජන් ප්‍රමාණයක් එක්ක මේ මාරක ජීවීන්ගෙන් බේරෙන්න ඉතිරි පිරිසට ලොකු මරණීය සටනක් කරන්න වෙනවා. ඔවුන්ව බේරගන්න එන යානය එනකම් ජීවිතය රැකගන්න ඔවුන්ට පුළුවන් වෙයිද? නැත්නම් හැමෝම අඟහරු ලෝකයේම මියයයිද? අභ්‍යවකාශයේ සිද්ධ වෙන මේ මරණීය සටන ඔයාලව අන්තිම තත්පරය වෙනකම්ම කුතුහලයෙන් තියනවා නිසැකයි.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct download
📥 Direct download
online watch
watch