Image Not Found

The Tourist (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඊළඟට අපි කතා කරන්නේ හොලිවුඩ්වල සුපිරිම තරු දෙකක් වන ජොනි ඩෙප් සහ ඇන්ජලීනා ජොලී ප්‍රධාන චරිත රඟපාන The Tourist (2010) චිත්‍රපටිය ගැන. මේක ආදරය, අභිරහස සහ ලස්සන දර්ශන පිරුණු සුපිරිම ෆිල්ම් එකක්. කතාව පටන් ගන්නේ ෆ්‍රෑන්ක් කියන සාමාන්‍ය ඇමරිකානු ගණිත ගුරුවරයෙක්ගෙන්. එයා තමන්ගේ ජීවිතේ ඇති වුණු ලොකු දුකක් අමතක කරන්න ඉතාලියේ සංචාරයක යන්න තීරණය කරනවා. ඉතින් මෙයා කෝච්චියෙන් යද්දී මෙයාට මුණගැහෙනවා මාරම ලස්සන, අභිරහස් ගැහැනු කෙනෙක්. ඇය තමයි එලිස්.

එලිස් හිතාමතාම තමයි ෆ්‍රෑන්ක් ළඟට ඇවිත් කතා කරන්නේ. මොකද එලිස්ගේ නියම පෙම්වතා වන ඇලෙක්සැන්ඩර් පියර්ස්ව අල්ලන්න රජයේ ඔත්තුකරුවෝ වගේම මහා පරිමාණ මාෆියා කල්ලිත් දැල එළාගෙන ඉන්නේ. ඇලෙක්සැන්ඩර් කියන්නේ මාෆියා කල්ලියකින් විශාල මුදලක් හොරකම් කරපු කෙනෙක්. ඉතින් මේ හැමෝම රවට්ටන්න එලිස් කරන්නේ සාමාන්‍ය සංචාරකයෙක් වුණු ෆ්‍රෑන්ක්ව තමන්ගේ පෙම්වතා වගේ ලෝකෙට පෙන්වන එකයි. ෆ්‍රෑන්ක් හිතන්නේ මේක තමන්ට ලැබුණු සුන්දර ආදර අවස්ථාවක් කියලා. හැබැයි එයා දන්නෙම නැතුව ලොකුම උගුලක අහුවෙනවා.

ඉතාලියේ සුන්දර වෙනීස් නගරය පසුබිම් කරගෙන මුළු මාෆියා කල්ලියම සහ පොලිසිය ෆ්‍රෑන්ක්ව මරන්න පන්නන්න ගන්නවා. ෆ්‍රෑන්ක් මේ අනතුරුවලින් බේරෙන්නේ කොහොමද? ඇත්තටම මේ එලිස් කියන්නේ කවුද? ඇලෙක්සැන්ඩර් පියර්ස් කියන අභිරහස් මිනිහා ඇත්තටම කෝ? කතාව අන්තිමේදී ඔයාලා කිසිසේත්ම බලාපොරොත්තු නොවන මාරම ට්විස්ට් එකක් බලාගන්න පුළුවන්. ආදරයයි, ඇක්ෂනුයි, සස්පෙන්සුයි ඔක්කොම එකට කලවම් වුණු සුපිරිම ෆිල්ම් එකක් තමයි මේක. වෙනීස් නගරයේ තියෙන ලස්සන වටපිටාවත් එක්ක කතාව ගලාගෙන යද්දී ඔයාලට කිසිම කම්මැලිකමක් නැතුව මේක බලන්න පුළුවන්

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct download
📥 Direct download
online watch
watch