Image Not Found

Wheelman (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඔයාලා ඇඩ්‍රිනලින් වැඩිවෙන විදියේ “Action Thriller” චිත්‍රපට බලන්න කැමති කෙනෙක් නම්, Wheelman 2017 කියන්නේ අතහරින්නම හොඳ නැති වැඩක්. මේ කතාවේ ප්‍රධාන චරිතය කරන්නේ අපි කවුරුත් දන්න Frank Grillo. එයා මේකේ රඟපාන්නේ බැංකු කොල්ලකරුවන්ව එහා මෙහා ගෙනියන රියදුරෙක් විදියට.

දවසක් එක බැංකු කොල්ලයක් අතරතුර මෙයාට නොහිතපු විදියේ අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා. සාමාන්‍යයෙන් වෙන්නේ කොල්ලකාරයෝ ටික දාගෙන යන එක වුණාට, මෙතනදී මෙයාට අමුතුම ඇමතුමක් ලැබෙනවා. ඒ ඇමතුමෙන් කියන්නේ “කාර් එකේ ඉන්න අයව දාලා යන්න” කියලා. දැන් මෙයා ලොකු උගුලකට අහුවෙලා ඉන්නේ. කාවද විශ්වාස කරන්නේ? කවුද මේ ඇමතුම දෙන්නේ?

මුළු චිත්‍රපටයම වගේ ගෙවෙන්නේ කාර් එක ඇතුළේ. ඒක නිසාම අපිටත් ඒ කාර් එකේම ඉන්නවා වගේ හැඟීමක් එනවා. තමන්ගේ පවුල බේරගන්නයි, තමන්ගේ පණ බේරගන්නයි මේ රියදුරාට රෑ පුරාම නගරය පුරා දුවන්න වෙනවා. බලන්නකෝ මෙයා මේ මරණීය උගුලෙන් කොහොමද බේරෙන්නේ කියලා. කුතුහලය උපරිමයි!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct download
📥 Direct download
online watch
watch