Image Not Found

This is a Heading Example

ඔයාලා හොල්මන් ෆිල්ම් වලට ආසයිද? හැබැයි ඒක විහිළුවක් එක්ක කලවම් වෙලා ආවොත් කොහොමද? අන්න ඒ වගේ අමුතුම අත්දැකීමක් තමයි Doghouse (2009) කියන්නේ. මේ කතාව පටන් ගන්නේ යාළුවෝ සෙට් එකක් එකතු වෙලා යන පොඩි ට්‍රිප් එකකින්. මේ කට්ටියගේ එක යාළුවෙක් ඉන්නවා වින්ස් කියලා, එයාගේ ඩිවෝස් එක නිසා එයා ඉන්නේ මාරම අප්සට් එකේ. ඉතින් වින්ස්ගේ හිත හදන්න කියලා මේ යාළුවෝ ටික තීරණය කරනවා ගෑනු අය නැති, හරිම නිස්කලංක “මූඩ්ලි” කියලා ගමකට යන්න.

හැබැයි මේ ගමට ගියාට පස්සේ තමයි මුළු කතාවම කණපිට හැරෙන්නේ. මේ ගමේ ගෑනු අයට මොකක් හරි අමුතු ලෙඩක් හැදිලා. ඒක නිකම් “සොම්බි” වයිරස් එකක් වගේ. හැබැයි විශේෂත්වය තමයි මේක හැදිලා තියෙන්නේ ගමේ ඉන්න ගෑනු අයට විතරයි! ඒ විතරක් නෙවෙයි, මේ ගෑනු අය පිරිමි අයව දැක්කම මරාගෙන කන්න තරම් දරුණු වෙනවා. ඉතින් අර තමන්ගේ යාළුවගේ හිත හදන්න ආපු කොල්ලෝ සෙට් එකට දැන් සිද්ධ වෙන්නේ තමන්ගේ පණ බේරගන්න සටන් කරන්න.

මුළු ෆිල්ම් එක පුරාම තියෙන්නේ මේ කොල්ලෝ සෙට් එක අර “මිනී කන ගෑනුන්ගෙන්” බේරෙන්න දෙන ගේමයි, ඒ අතරේ වෙන මරු විහිලු තහලුයි. මේක එක අතකින් කොමඩියක් වගේම තව පැත්තකින් ඇඟ කිලිපොලා යන හොරර් එකක්. ඇයි මේ ගමේ අයට මෙහෙම වුණේ? මේ යාළුවෝ ටික පණ පිටින් ආපහු ඒවිද? ඒක දැනගන්න නම් මේක අනිවාර්යයෙන්ම බලන්න ඕන. සිනහවයි බයයි දෙකම එකට ඕන අයට මේක සුපිරිම තේරීමක්.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct download
📥 Direct download
online watch
watch