Image Not Found

A Babysitter’s Guide to Monster Hunting (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි

අධ්‍යක්ෂකවරයා සහ නළු නිළියන්: මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Rachel Talalay විසින්. ප්‍රධාන චරිතය විදියට Tamara Smart (කෙලී ෆර්ගසන් ලෙස) රඟපානවා. ඒ වගේම හැරී පොටර් ෆිල්ම් එකේ “ඩ්‍රැකෝ මැල්ෆෝයි” විදියට හිටපු Tom Felton මේකේ ප්‍රධාන දුෂ්ටයා විදියට රඟපාන එක විශේෂත්වයක්.

ඔයා කවදාවත් හිතුවද ළමයි බලාගන්න එන “බේබිසිටර්ලා” (Babysitters) කියන්නේ නිකන්ම ළමයි බලාගන්න අය විතරක් නෙවෙයි කියලා? මේ කතාව පටන් ගන්නේ කෙලී ෆර්ගසන් කියන පාසල් සිසුවිය වටා. එයාට සිද්ධ වෙනවා හැලොවීන් දවසේ ජේකොබ් කියන පොඩි ළමයෙක්ව බලාගන්න. හැබැයි රෑ වෙද්දී ජේකොකොබ්ව අද්භූත බලවේගයක් විසින් පැහැරගෙන යනවා!

පොලිසියට කියලත් වැඩක් නෑ, මොකද කවුරුත් මේ යක්ෂ කතා විශ්වාස කරන්නේ නෑනේ. අන්න එතකොට තමයි කෙලී දැනගන්නේ ලෝකේ පුරාම ඉන්න බේබිසිටර්ලා එකතු වෙලා හදාගත්ත රහසිගත සංවිධානයක් ගැන. මේ අයගේ රස්සාව තමයි අද්භූත යක්ෂයන්ගෙන් පොඩි ළමයින්ව බේරගන්න එක.

ඉතින් කෙලීට මේ අලුත් කණ්ඩායම එක්ක එකතු වෙලා, භයානක හීන මවන “ග්‍රෑන්ඩ් ගිනියෝල්” (Grand Guignol) කියන යක්ෂයගෙන් ජේකොබ්ව බේරගන්න පුළුවන් වෙයිද? ඒ වගේම එයාගේ පොඩි කාලේ වුණු බය හිතෙන සිද්ධියට මේකේ සම්බන්ධයක් තියෙනවද?
මේක නිකන්ම ළමා කතාවක් නෙවෙයි, ත්‍රාසය, කුතුහලය සහ වික්‍රමාන්විත දේවල් පිරුණු සුපිරි චිත්‍රපටයක්. හැලොවීන් ෆීල් එක ගන්න පුළුවන් නියම ෆිල්ම් එකක්!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.