
A Bittersweet Life (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි
කිම් සුන්-වූ කියන්නෙ එයාගෙ ලොක්කා, මිස්ටර් කංට පණ වගේ ලෝයල්, පට්ටම දක්ෂ ගෝලයෙක්. සුපිරි හොටෙල් එකක් බලාගෙන, ලොක්කගෙ හැම වැඩක්ම නූලට කරන, කිසිම වැරැද්දක් නැති “පර්ෆෙක්ට්” ජීවිතයක් තමයි එයා ගත කරන්නෙ.
දවසක් ලොක්කා, සුන්-වූට පොඩි, ඒත් හරිම සීරියස් වැඩක් බාර දෙනවා. ඒ තමයි, තමන්ගෙ තරුණ කෙල්ල (හී-සූ) ගැන පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න. ලොක්කට සැකයි එයා වෙන කොල්ලෙක් එක්ක යාලුයි කියලා. ලොක්කගෙ ඕඩර් එක හරිම පැහැදිලියි: “අහුවුනොත්… දෙන්නවම ඉවරයක් කරලා දාපන්.”
සුන්-වූ ගිහින් බලනවා. ලොක්කගෙ සැකේ හරි. කෙල්ල ඇත්තටම වෙන කෙනෙක් එක්ක.
මෙතනදි තමයි කතාව සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙන්නෙ. සුන්-වූ, අණ පිළිපදින යකඩ මනුස්සයා, තමන්ගෙ ජීවිතේ පළවෙනි වතාවට හිතට එකඟව තීරණයක් ගන්නවා. එයා අර දෙන්නට යන්න දෙනවා.
මේ එකම එක තීරණය, ඒ කියන්නෙ ලොක්කට “අකීකරු” වීම, එයාගෙ මුළු ජීවිතේම විනාශ කරනවා. ලොක්කා මේක දැනගත්තම එයාට පිස්සු හැදෙනවා. තමන්ගෙ දකුණු අත වගේ හිටපු සුන්-වූ, දැන් එයාලගෙ දරුණුම හතුරා බවට පත් වෙනවා.
තමන්ගෙම සෙට් එක තමන්ව මරන්න පන්නද්දි, සුන්-වූට සිද්ධ වෙනවා ජීවිතේ බේරගන්න ලේ වැකි සටනක් පටන් ගන්න.
ඇයි එයා ඒ කෙල්ලව බේරුවෙ? ඒ මොහොතක ඇතිවුණු හැඟීම වෙනුවෙන් එයාට ගෙවන්න වෙන වන්දිය මොකක්ද?
