
A Street Cat Named Bob (2016)
මේක ඇත්ත කතාවක්. ලන්ඩනයේ ජීවත් වෙන ජේම්ස් බෝවන් කියන තරුණයා තමයි කතානායකයා. එයා ජීවත් වෙන්නේ වීදිවල, සංගීතය වාදනය කරමින් සල්ලි හොයන, අන්ත අසරණ වෙච්ච කෙනෙක්. එයාට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම කියන ලොකු ප්‍රශ්නයකුත් තියෙනවා.
සමාජ සේවකයෙක්ගේ උදව්වෙන් එයාට පුංචි තැනක් ලැබෙනවා ජීවත් වෙන්න. ඔය අතරේ දවසක් ජේම්ස්ගේ ජීවිතයට බෝබ් කියන ඉඟුරු පාට පූසෙක් නිකම්ම කඩා පාත් වෙනවා.
ජේම්ස්ට බෝබ්ව ලැබෙන්නේ අහම්බෙන් වුණාට, මේ පූසා එයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. බෝබ් හැම තැනම ජේම්ස්ගේ ළඟින්ම ඉන්නවා. ජේම්ස් බස්කිං කරන තැන්වලදී පවා බෝබ් උරහිස උඩ ඉඳගෙන ජේම්ස්ට උදව් කරනවා. මිනිස්සු මේ අමුතු යුගලය දිහා බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන්.
දැන් බලන්න තියෙන්නේ, මේ පුංචි පූසාට පුළුවන් වෙයිද, අසරණ වෙලා මත්ද්‍රව්‍යවලින් බැට කන ජේම්ස්ගේ ජීවිතය ආයෙත් ගොඩ ගන්න? ඒ බැඳීම කොච්චර දුරට ජේම්ස්ගේ ජීවිතය වෙනස් කරයිද? කතාව බලලම දැනගන්න. මේක හදවතට දැනෙන ලස්සන කතාවක්!
