Image Not Found

A Successful Woman (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි

එස්තර් කියන්නේ තිස් වියේ ඉන්න, තමන්ගේම ව්‍යාපාරයක් සාර්ථකව කරගෙන යන දක්ෂ තරුණියක්. එයාට ජීවිතේ හැමදේම හරියට තියෙනවා වගේ දැනෙන්න ඇත්තේ එයාගේ විවාහයත් ළඟ ළඟම එනකොට වෙන්න ඇති.

ඒත්… හිතාගන්නවත් බැරි වෙලාවක, එයාගේ මනාලයා කිසිම හේතුවක් නැතුව හිටි හැටියේම විවාහය නවත්වනවා. හිත කඩාගෙන වැටෙන එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ.
මෙතනින් තමයි එස්තර්ගේ ජීවිතේ අලුත් ගමනක් පටන් ගන්නේ. බිඳුණු හදවත, පවුලේ අයගේ බලපෑම්, ව්‍යාපාරික ගැටලු… මේ හැමදේම මැද්දේ එයාට තමන් ගැනම ආයෙත් හොයාගන්න වෙනවා.

ඔය අතරේ තමයි එබුකා කියන නිහතමානී බාර්ඩෙන්ඩර් කෙනෙක්ව හම්බවෙන්නේ. එයා එක්ක තියෙන සම්බන්ධය එස්තර්ට ආදරය, තමන්ගේ වටිනාකම සහ නිදහස කියන දේවල් දිහා අලුතින් බලන්න උදව් කරනවා.

ඇත්තටම, සාර්ථකත්වය කියන්නේ ලොකු ව්‍යාපාරයක් ද? නැත්නම් කැඩුණු හදවතක් සුව කරගෙන, තමන්ටම ආදරය කරලා, නොසිතූ තැනකින් ඇත්තම සතුට හොයාගන්න එක ද?

මේ කතාවෙන් අපිට බලාගන්න ලැබෙන්නේ ඒ ගමන! ජීවිතේ අනපේක්ෂිත විදියට පෙරළෙනකොට, ඒ දේවල්වලට මුහුණ දීලා, එස්තර් කොහොමද “සාර්ථක ගැහැනියක්” බවට පත් වෙන්නේ කියලා දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.