
A Tale of Two Sisters (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි
“A Tale of Two Sisters” පටන් ගන්නේ අක්කයි නංගියි දෙන්නෙක් (සූ-මී සහ සූ-යොන්) මානසික රෝහලක ඉඳලා එයාලගේ ගෙදරට ආයෙත් එන තැනින්. මේ ගෙදර ඉන්නේ එයාලගේ තාත්තයි, අලුත් කුඩම්මයි. ගෙදර වාතාවරණය හරිම අමුතුයි, සීතලයි. විශේෂයෙන්ම කුඩම්මා එක්ක මේ සහෝදරියෝ දෙන්නට කොහෙත්ම සෙට් වෙන්නේ නෑ.
ගෙදර ආපු දවසේ ඉඳන්ම හරි අමුතු, බය හිතෙන දේවල් වෙන්න පටන් ගන්නවා. ගේ ඇතුළේ තව කවුරුහරි ඉන්නවා වගේ දැනෙනවා. කුඩම්මාගේ හැසිරීමත් දවසින් දවස දරුණු වෙනවා, විශේෂයෙන්ම පොඩි නංගිට එයා හරිම නපුරු විදිහට තමයි සලකන්නේ. ලොකු අක්කා (සූ-මී) කොහොමහරි නංගිව මේ කුඩම්මගෙන් බේරගන්න ලොකු උත්සාහයක් දරනවා.
ඒත් එක්කම, මේ ගෙදර අඳුරු අතීතයක් තියෙනවා කියලත් අපිට තේරෙනවා. එයාලගේ ඇත්ත අම්මට මොකද වුණේ? ගෙදර ඇත්තටම හොල්මනක් ඉන්නවද? නැත්නම් මේ හැමදේම කරන්නේ කුඩම්මද?
කතාව ඉස්සරහට යද්දී අපි දකින දේවල්, අපි හිතන දේවල් ඇත්තද නැද්ද කියලා අපිටම හිතාගන්න බැරි වෙනවා. ඇත්ත කතාව හිතාගන්නවත් බැරි විදිහට වෙනස් එකක්.
