
A Wednesday (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි
A Wednesday (2008) මේක බොලිවුඩ් ඉතිහාසයේ බිහිවුණු “Masterpiece” එකක් කිව්වොත් හරි.
නළු නිළියන් සහ අධ්‍යක්ෂණය මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කළේ Neeraj Pandey. ප්‍රධාන චරිත දෙක කරන්නේ ඉන්දියාවේ ඉන්න දක්ෂතම නළුවන් දෙපලක් වන Naseeruddin Shah (නම නොදන්නා පුද්ගලයා ලෙස) සහ Anupam Kher (පොලිස් කොමසාරිස් ලෙස). ඒ වගේම Jimmy Sheirgill ත් වැදගත් පොලිස් චරිතයකට පණ පොවනවා.
මේක සිද්ධ වෙන්නේ එක බදාදා දවසක දවල් 2.00 ත් හවස 6.00 ත් අතර පැය හතරක් ඇතුළත. මුම්බායි පොලිස් කොමසාරිස් ප්‍රකාශ් රෝතෝඩ් (Anupam Kher) විශ්‍රාම යන්න ඔන්න මෙන්න තියලයි ඉන්නේ. එදා දවල් එයාට අද්භූත දුරකථන ඇමතුමක් එනවා.
කතා කරන පුද්ගලයා තමන් කවුද කියලා කියන්නේ නෑ. හැබැයි මිනිහා කියන කතාවෙන් පොලිසියම හෙල්ලෙනවා. මිනිහා කියනවා මුම්බායි නගරයේ ජනාකීර්ණ තැන් 5ක බෝම්බ හංගලා තියෙන්නේ, තව පැය ගානකින් ඒවා පුපුරනවා කියලා. මේ බෝම්බ ටික පුපුරවන්නේ නැතුව ඉන්න නම්, පොලිසිය භාරයේ ඉන්න දරුණු ත්රස්තවාදීන් හතර දෙනෙක්ව නිදහස් කරලා ගුවන් තොටුපළට ගේන්න ඕනේ කියලා මිනිහා නියෝග කරනවා.
කුතුහලය… පොලිසියට මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේ කතා කරන මනුස්සයා ඇත්තටම බෝම්බ තියලද? නැත්නම් මේක බොරුවක්ද? පොලිසිය මුළු මුම්බායි නගරෙම පෙරළගෙන මේ මනුස්සයව හොයනවා. ඒත් මිනිහා ඉන්නේ කාටවත් ලේසියෙන් හොයාගන්න බැරි තැනක.
මේක නිකම්ම ත්‍රස්තවාදී කතාවක් නෙවෙයි. සාමාන්‍ය මනුස්සයෙක් (The Common Man) ඇයි මෙහෙම භයානක වැඩක් කරන්නේ? එයාට ඇත්තටම ඕනේ ත්‍රස්තවාදීන්ව බේරගන්නද? අන්න එතන තමයි ලොකුම රහස තියෙන්නේ.
