
A Whisker Away (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මියෝ සසාකි, එහෙමත් නැත්නම් හැමෝම කියන විදිහට ‘මුගේ’ කියන්නේ ලෝකේ වටේටම සතුට විහිදුවන, හැබැයි ඇත්තටම තමන්ගේ ප්‍රශ්න හංගගෙන ඉන්න පාසල් සිසුවියක්.
මුගේට ක්ලාස් එකේ ඉන්න කෙන්ටෝ හිනොඩේ ගැන පුදුම හිතක් තියෙන්නේ. ඒත් එයාට කොහොමවත්ම මේ හිත ඇතුළේ තියෙන ආදරේ හිනොඩේට කියන්න බෑ.
ඔහොම ඉන්නකොට දවසක් මුගේට අමුතු බළල් වෙස්මුහුණක් විකුණන සෙල්ලක්කාර බළලෙක් හම්බෙනවා. මේ වෙස්මුහුණ දැම්මා විතරයි, මුගේ සුදු පාට බළලෙක් වෙනවා!
මුගේ මේ විදිහට බළල් වෙලා ගිහින් තමයි හිනොඩේ එක්ක කාලය ගත කරන්නේ. හිනොඩේ අර බළල් මුගේට ‘තාරෝ’ කියලා නමකුත් දානවා.
හිනොඩේ තාරෝට පුදුම විදිහට ආදරේ කරනවා. තමන්ගේ හැම ප්‍රශ්නයක්ම කියනවා, හිතේ තියෙන දේවල් පවා කියනවා. ඒත් මුගේට තමන්ගේ ඇත්ත අනන්‍යතාව එළි කරන්න බෑ.
තාරෝ විදිහට හිනොඩේ ළඟ ඉන්න එක මුගේට ලේසි වුණාට, මිනිස් මුගේ විදිහට ඉන්න එක එන්න එන්නම අමාරු වෙනවා.
මුගේ දන්නෙම නැතුව බළලෙක් විදිහට ඉන්න ජීවිතේට පුරුදු වෙනවා… ඒත්! මුගේගේ මිනිස් මුහුණ අර වෙස්මුහුණු විකුණන බළලා හොරකම් කළොත් මොකද වෙන්නේ?
තමන්ගේ මිනිස් ජීවිතේ සදහටම නැති කරගෙන මුගේට බළලෙක් විදිහටම ඉන්න වෙයිද? මේ ආදර කතාව කොහෙන් අවසන් වෙයිද? බලන්න, A Whisker Away!
