Image Not Found

Abigail (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි

අබිගේල් (Abigail) කියන්නේ අවුරුදු ගානකට කලින් ලොකු වසංගතයක් ආපු නිසා බාහිර ලෝකයෙන් මුළුමනින්ම වහලා දාපු නගරයක ජීවත් වෙන තරුණ කෙල්ලෙක්. මේ අද්භූත ලෙඩේ හැදුණා කියලා තමයි, අවුරුදු හයකදී එයාගේ තාත්තා එයාව දාලා ගියේ. හැබැයි, නගරයේ ආරක්ෂක අංශ මේ “ආසාදිතයන්ව” අරගෙන ගියේ කොහෙටද කියන එක ලොකු රහසක්.

දැන් තරුණියක් වෙලා ඉන්න ඇබි, තාත්තාව හොයන ගමනේදී, නගරයේ රහස්‍ය විපරීත පැත්තක් දකින්න පටන් ගන්නවා. එයාට තේරෙනවා මේ “වසංගතය” කියන්නේ නිකම්ම නිකම් රැවටීමක් විතරයි කියලා. ඇත්තටම නගරයේ පාලකයෝ කරලා තියෙන්නේ වෙන දෙයක්!

ඇබිගේල් හොයාගන්නවා… මේක මැජික් ලෝකයක්! නගරයේ නායකයෝ කරලා තියෙන්නේ මායා බල තියෙන මිනිස්සුන්ව අල්ලාගෙන, එයාලා “අසනීප වෙලා” කියලා බොරුවක් කියලා හිර කිරීමයි.

වැඩි කල් නොගිහින් ඇබිටත් එයාගේ ඇතුළේ අද්භූත බලයක් තියෙන බව දැනෙනවා. දැන් එයත් අර ආරක්ෂක අංශවල ඉලක්කයක්!
දැන් ඇබිට සිද්ධ වෙන්නේ පැනලා ගිහින්, කැරලිකාර කණ්ඩායමකට එකතු වෙලා, අවුරුදු ගානක් තිස්සේ වහලා තියෙන ඇත්ත හෙළිදරව් කරන්නයි, එයාගේ තාත්තාට මොකද වුණේ කියලා දැනගන්නයි.

මේ ගමන එයා හිතපු ලෝකය මුළුමනින්ම වෙනස් කරන, ඇඩ්වෙන්චර් එකක්. ඇබි එයාගේ මායාව පිළිඅරගෙන ඒකෙන් ලෝකය වෙනස් කරන්න ඇයට පුළුවන් වෙයිද? නැත්නම් මේ අඳුරු නගරය තුළ සදහටම සිරවෙලා යයිද? ඒක බලලම දැනගමු!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.