
Absolution (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේකේ ප්‍රධාන චරිතේ තමයි ජෝන් ඇලෙක්සැන්ඩර් (John Alexander). මෙයා කියන්නේ රජය වෙනුවෙන් රහසිගතව වැඩ කරන, හොඳට පුහුණු වෙච්ච කොන්ත්‍රාත් ඝාතකයෙක්. එයාට දෙනවා අලුත් මිෂන් එකක් – සැක කටයුතු ත්‍රස්තවාදියෙක්ව ඉවත් කරන්න.
ජෝන් එයාගේ සහායකයා වන චී (Chi) එක්ක යුක්රේනයට ගිහින් වැඩේ ඉවර කරනවා. හැබැයි, ඒ වැඩේ කරලා ආපහු එන අතරමගදී සිද්ධියක් වෙනවා. දවසක් රෑ බාර් එකක ඉන්නකොට, දරුණු මාෆියා ලොක්කෙක්ගෙන් පැනලා දුවන තරුණ කෙල්ලෙක් අහම්බෙන් ජෝන්ගේ උකුලට වැටෙනවා!
මේ මාෆියා ලොක්කා කියන්නේ මනුෂ්‍ය ජාවාරම් කරමින්, දේශපාලන සම්බන්ධකම් තියෙන භයානක චරිතයක්. කෙල්ල එයාගේ අපරාධ ඔප්පු කරන වැදගත් සාක්ෂිත් අරන් ඇවිත් ඉන්නේ.
දැන් ජෝන් අමාරුවේ. එයාට තේරෙන්නේ නැහැ කෙල්ලව ආරක්ෂා කරනවද, නැත්නම් තමන්ව මේ මිෂන් එකට යැව්ව රජයේ ආයතනයට විශ්වාසවන්තව ඉන්නවද කියලා. එයාගේ අතීත වැරදිවලට “පාපෝච්චාරණයක්” (Absolution) විදියට මේ කෙල්ලට උදව් කරන්න ජෝන් තීරණය කරනවා.
දැන් වෙන්නේ, ජෝන් තමන්ගේ හාදයත් එක්ක එකතු වෙලා මේ කෙල්ල වෙනුවෙන්, අර දරුණු මාෆියා ලොක්කාවයි එයාගේ දේශපාලන සම්බන්ධකම් ටිකයි විනාශ කරන්න යන එක! ඒත් එයාට තේරෙනවා, තමන්ව මේ මිෂන් එකට යැව්ව ආයතනයම තමන්ට පිටුපාලා කියලා.
ඉතිරි ටික බලන්න ඕනේ ඔයාටම තමයි. ජෝන්ට කෙල්ලව බේරගන්න පුළුවන් වෙයිද? එයාගේ අතීත පාපවලින් ගැලවෙන්න මේක එයාට ලැබුණු අවස්ථාවක් වෙයිද? බලමු!
