Image Not Found

After Yang (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

කතාව තියෙන්නේ අනාගත ලෝකයක, ජේක් සහ කයිරා කියන යුවළයි, ඔවුන්ගේ හදාගත් දුව මීකායි ගැන. මීකාගේ චීන උරුමය ගැන කියලා දෙන්න, මේ පවුලට යාන්ග් කියලා “ටෙක්නෝ-සේපියන්” රොබෝ කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ, මීකාගේ ලොකු අයියා වගේ.

හැමදාම සතුටින් හිටපු යාන්ග්, දවසක් එකපාරටම වැඩ නොකර නතර වෙනවා. එයා අක්‍රිය වෙන්නේ දරුවෙක් කෝමා තත්වයට යනවා වගේ විදිහකටයි.

වගකීම් කාලය ඉවර නිසා, යාන්ග්ව හදන්න ජේක් නොයෙකුත් තැන්වලට යනවා. එයාට හොයාගන්න ලැබෙනවා යාන්ග්ගේ ඇතුළේ “සැඟවුණු මතක බැංකුවක්” තියෙනවා කියලා. ඒකෙන් පුළුවන් යාන්ග් අත්විඳපු දේවල්, එයාගේ ජීවිතේ සුළු සිදුවීම් පවා බලන්න.

ජේක් මේ මතක අතරේ ගමන් කරනකොට, යාන්ග්ගේ රහස් ජීවිතය එළිවෙනවා. එයා මේ පවුලට එන්න කලින් හිටපු විදිහ, එයාගේ නොහිතූ ආදර සබඳතා… මේ හැමදේම ජේක් දකිනවා.

දැන් ප්‍රශ්නය මේකයි: යාන්ග් කියන්නේ හුදෙක්ම යන්ත්‍රයක්ද, නැත්නම් එයාටත් ආත්මයක්, හැඟීම් තියෙනවද? එයාගේ මතක අතරේ යන ජේක්, ඇත්තටම තමන්ගේ පවුලේ අය එක්ක කොච්චර දුරට සම්බන්ධ වෙලා හිටියද කියලා තේරුම් ගන්න හදනවා.

ඇත්තටම මේ චිත්‍රපටය, මරණය, පාඩුව, සහ මනුෂ්‍යත්වය කියන දේවල් ගැන අමුතු විදිහට හිතන්න පොළඹවන කතාවක්!

යාන්ග් නැති මේ ලෝකේ ඉතිරිවෙන පවුලට මොකද වෙන්නේ? ඒක ඔබම බලන්න ඕන දෙයක්.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.