
Air Strike (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි
“Air Strike” (2018) ෆිල්ම් එක අපිව කෙලින්ම ගෙනියන්නේ දෙවෙනි ලෝක යුද්ධ කාලෙට. ජපන් ගුවන් හමුදාව චීනයේ ‘චොන්ග්කින්’ නගරයට දවස තිස්සේ අනුකම්පාවක් නැතුව බෝම්බ දානවා. එයාලගේ ප්ලෑන් එක නගරය සම්පූර්ණයෙන්ම අළු කරලා දාන එක.
චීන ගුවන් හමුදාව ඉන්නේ හරිම අමාරුවක. එයාලට තියෙන්නේ පරණ යානා ටිකයි. මේ අස්සේ, ඇමරිකානු කර්නල් කෙනෙක් (බ්‍රූස් විලිස්) එනවා මේ චීන නියමුවන්ට ට්‍රේනින් දීලා, සටනට උදව් කරන්න. හැබැයි එයාලට හැප්පෙන්න වෙන්නේ ලෝකේ දරුණුම ජපන් ‘Zero’ ෆයිටර් ජෙට් එක්ක.
මේක අහසේ වෙන සටනක් විතරක් නෙවෙයි. බිමත් වෙනම ලොකු ගේමක් යනවා. මිනිස්සු කණ්ඩායමක්, ජපන් බෝම්බ ප්‍රහාරවලට උදව් කරන රහස් රේඩියෝ ස්ටේෂන් එකක් හොයාගෙන ඒක විනාශ කරන්න ජීවිතේ පරදුවට තියලා යනවා.
අහසේ ඉන්න නියමුවො ටිකයි, බිම ඉන්න මේ රහස් කණ්ඩායමයි එකතු වෙලා මේ මහා විනාශය නතර කරයිද? නගරයේ දහස් ගාණකගේ ජීවිත රැඳිලා තියෙන්නේ මේ අයගේ ධෛර්යය උඩ.
