Image Not Found

Alarum (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි

සරලවම කිව්වොත්, මෙතන ඉන්නේ ජෝ (Joe) සහ ලාරා (Lara) කියලා දෙන්නෙක්. මෙයාලා ඉස්සර නම් හිටියේ ඔත්තු බලන ඒජන්සි දෙකක තරඟකාරයෝ විදිහට. ඒත් කොහොමහරි මෙයාලා දෙන්නා ආදරෙන් බැඳිලා, එයාලගේ ඒජන්සිවලින් හොරෙන් පැනලා ගිහින්, රහසිගතව විවාහ වෙලා, හරිම නිස්කලංක ජීවිතයක් ගත කරනවා.

දැන් මෙයාලා ඉන්නේ ඈත, හිම වැටෙන පැත්තක තියෙන රිසෝට් එකක. හිතන්නකෝ, ෆිල්ම් එක පටන් ගන්නේම එයාලා ‘සාමාන්‍ය’ කපල් එකක් වගේ ඉන්නවා පෙන්නලා.
ඒත් එකපාරටම එයාලගේ කැබින් එක ළඟ ප්ලේන් එකක් කඩා වැටෙනවා!

ප්ලේන් එක චෙක් කරලා බලද්දී, ජෝට හම්බවෙනවා හරිම වැදගත් හාඩ් ඩ්‍රයිව් එකක්!
ඒ ඩ්‍රයිව් එක හම්බ වුණා විතරයි, එයාලගේ නිස්කලංක ජීවිතේට නිකං හෙනහුරාලා වැටෙනවා.
ඇයි දන්නවද?

ලෝකේ ඉන්න විවිධ ඔත්තු සේවා සහ රහස් සංවිධාන කිහිපයක්ම මේ ඩ්‍රයිව් එක හොයනවා. ඒ වගේම එයාලා සැක කරනවා ජෝයි, ලාරායි කියන්නේ “Alarum” කියන අද්භූත රහස් ඒජන්සියට සම්බන්ධ අය කියලා.

ඉතින්, ජෝයි ලාරායි තමන්ගේ ජීවිත බේරගෙන, ඒ අතිශය භයානක රහස රැකගන්න එක තමයි මේ කතාවේ තියෙන්නේ. පරණ යාළුවෝ, අලුත් සතුරෝ, පිස්සු හැදෙන ඇක්ෂන්… කවුද විශ්වාසවන්තයා, කවුද ඔත්තුකාරයා කියන එක දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.