
Altitude (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි
හිතන්නකො, ඔයා FBI ඒජන්ට් කෙනෙක්. පොඩි අවුලක් දාගෙන ඔෆිස් එකේ ඩෙස්ක් ජොබ් එකකට මාරු කරලා, ෆ්ලයිට් එකක යනවා. “Altitude” (2017) කතාව පටන් ගන්නෙ එහෙමයි. අපේ කතා නායිකාව තමයි ග්‍රෙචෙන්.
මෙයා ප්ලේන් එකේ යනකොට, එහා සීට් එකේ ඉන්න මනුස්සයා එකපාරටම මාර ඔෆර් එකක් දෙනවා. “මේ ප්ලේන් එක තව ටිකකින් හයිජැක් කරනවා. මාව පණපිටින් බේරගත්තොත් ඔයාට මිලියන 50ක් දෙනවා” කියලා. ග්‍රෙචෙන්ට හිතාගන්න බෑ මේ මොකක්ද වෙන්නෙ කියලා.
ඒත් කිව්වා වගේම, තුවක්කු ගත්ත කල්ලියක් ප්ලේන් එක අල්ලගන්නවා. මේක නිකම්ම කප්පම් ගන්න කරන වැඩක් නෙවෙයි. කල්ලිය හොයන්නෙ, අර ඔෆර් එක දීපු මනුස්සයා, ඒ කල්ලියෙන්ම හොරකම් කරලා ප්ලේන් එකේ හංගපු කෝටි ගාණක වටින දෙයක්.
මේ කල්ලියෙ ලොක්කා (ඩොල්ෆ් ලන්ඩ්ග්‍රන්) හරිම දරුණුයි. එයාලා බඩුව හොයන්න මුළු ප්ලේන් එකම කෑලි වලට ගලවන්න පටන් ගන්නවා. එයාලගෙ ප්ලෑන් එක බඩුව අරගෙන, ප්ලේන් එකත් එක්කම හැමෝම ඉවරයක් කරන එක.
දැන් ග්‍රෙචෙන්ට තියෙන්නෙ තේරීම් දෙකයි. එක්කෝ මිලියන ගාණ අරගෙන හොරාට උදව් කරනවද? නැත්නම් තනියම, අඩි 30,000ක් උඩදි මේ මුළු මංකොල්ලය නවත්තලා මගීන්ව බේරගන්න සටන් කරනවද?
