Image Not Found

American Thunder: NASCAR to Le Mans (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක නිකන්ම නිකන් කාර් රේස් ෆිල්ම් එකක් නෙවෙයි. “American Thunder: NASCAR to Le Mans” (2025) කියන්නේ ඇත්ත කතාවක් පදනම් කරගත්තු, ඇඟ කිලිපොලා යන ඩොකියුමන්ටරියක්.

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ බ්‍රැඩ් ලොක්හාර්ට් (Brad Lockhart). හැබැයි මේකේ නළු නිළියෝ නෙවෙයි ඉන්නේ, ඇත්තම රේසින් ලෙජන්ඩ්ස්ලා. ඒ කියන්නේ ජිමී ජොන්සන් (Jimmie Johnson), ජෙන්සන් බට්න් (Jenson Button) සහ මයික් රොකන්ෆෙලර් (Mike Rockenfeller) වගේ අයම තමයි මේකේ ඉන්නේ.

කතාව මාරම interesting. හිතන්නකෝ, ඇමරිකාවේ රවුම් ට්‍රැක්වල (NASCAR) විතරක් දුවන, ගොරවන යකෙක් වගේ කාර් එකක්… ප්‍රංශයේ තියෙන, ලෝකයේම අමාරුම පැය 24 පුරා දුවන ‘ලී මෝන්’ (Le Mans) රේස් එකට යවනවා!

මේක ඇත්තටම NASCAR ලොක්කෙක් වුණු ජිම් ෆ්‍රාන්ස්ගේ පිස්සු හීනයක්.
මේ ෆිල්ම් එකෙන් පෙන්නන්නේ ඒ හීනේ ඇත්තක් කරන්න ‘Hendrick Motorsports’ ටීම් එක මාස 18ක් තිස්සේ දුක් විඳින හැටි. ඇමරිකන් ට්‍රැක් එකකට හදපු කාර් එකක්, පැය 24ක් දරුණු යුරෝපීය ට්‍රැක් එකක දුවන්න හදන එක ලේසි නෑනේ.

එයාලට මේ අභියෝගය ජයගන්න පුළුවන් වෙයිද? මේ ඇමරිකන් යකාව පැය 24ක් නොකැඩී දුවවගන්න පුළුවන් වෙයිද? ඒක තමයි කුතුහලයෙන් බලන්න තියෙන්නේ

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.