Image Not Found

Amityville: The Awakening (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේ කතාව ගෙතෙන්නේ බෙල් කියන තරුණ කෙල්ලෙක් වටා. බෙල් එයාගේ අම්මා (ජොආන්), පොඩි නංගී (ජුලියට්) සහ ඇඳකටම සීමා වෙලා, කෝමා එකක වගේ ඉන්න එයාගේ නිවුන් සහෝදරයා (ජේම්ස්) එක්ක අලුත් ගෙදරකට පදිංචියට එනවා. එයාලා මේ ගෙදරට එන්නේ ජේම්ස්ගේ විශේෂ වෛද්‍ය ප්‍රතිකාර වලට ලේසි වෙන්න. හැබැයි මෙයාලා නොදැනුවත්වම ඇවිත් තියෙන්නේ අමිතිවිල් වල තියෙන ඒ කුප්‍රකට, බිහිසුණු ඉතිහාසයක් තියෙන හොල්මන් ගෙදරට.

මුලදී හැමදේම සාමාන්‍ය විදිහට ගියත්, ටික දවසකින් ගෙදර අමුතු දේවල් වෙන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම හැමදාම පාන්දර 3:15 ට. බෙල්ට තේරෙනවා ගෙදර මොකක්දෝ අදෘශ්‍යමාන බලවේගයක් ක්‍රියාත්මක වෙනවා කියලා. එයා මේ ගෙදර ගැන හොයලා බලනකොට තමයි, මීට අවුරුදු ගාණකට කලින් මුළු පවුලක්ම ඝාතනය වුනු තැනක් බව දැනගන්නේ.

ලොකුම ප්‍රශ්නය පටන් ගන්නේ මෙතනින්. අවුරුදු ගාණක් සිහියක් නැතුව හිටපු ජේම්ස්, හදිස්සියේම සුව වෙන්න පටන් ගන්නවා. එයා ඇස් අරිනවා, කතා කරන්න උත්සාහ කරනවා. අම්මා හිතන්නේ මේක ආශ්චර්යයක් කියලා.

නමුත් බෙල්ට තේරෙනවා මේ සනීප වීම පිටිපස්සේ ඉන්නේ එයාගේ සහෝදරයා නෙවෙයි, ගෙදර පාලනය කරන භයානක බලවේගයක් කියලා. මේ ආත්මය ජේම්ස්ගේ ශරීරයට රිංගලා. ඒකේ ඇත්ත අරමුණ තමයි, ඒ පරණ ඉතිහාසය ආයෙත් පාරක් ලියන එක. ඒ කියන්නේ, බෙල් ලවා එයාගේ අම්මවයි නංගිවයි මරවන්න. දැන් බෙල්ට තියෙන්නේ එයාගේ පවුල බේරගන්න මේ භූතාත්මය එක්ක තනිවම සටන් කරන්න.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.