
Amongst the Wolves (2024) Sinhala Subtitle | සිංහල උපසිරැසි
Amongst the Wolves (2024) චිත්‍රපටයේ කේන්ද්‍රය වෙන්නේ ඩැනී. එයා යුද්ධයෙන් පස්සේ PTSD (පශ්චාත්-ව්‍යසන ක්ලමථය) වලින් පෙළෙන, අද ඩබ්ලින් නගරයේ පාරේ තනි වෙලා ඉන්න හිටපු සෙබළෙක්. තමන්ගේ අතීතයේ අවතාර එක්ක පොර බදන ඩැනීට හදිසියේම හම්බවෙනවා විල් කියන තරුණ කොල්ලෙක්.
විල් කියන්නේත් අනාථ වෙලා ඉන්න කෙනෙක්. හැබැයි එයා පැනලා දුවන්නේ නගරේ ඉන්න දරුණුම මත්ද්‍රව්‍ය කල්ලියකින්.
ඉතින් මේ අතරමඟදී හම්බවෙන දෙන්නා අතරේ ඇතිවෙන්නේ ටිකක් අමුතු බැඳීමක්. එක පැත්තකින් ඩැනීට ඕනෙ වෙනවා මේ කොල්ලාව කොහොම හරි ආරක්ෂා කරගන්න. ඒත්, “Power” කියන නායකයාගේ අණට කල්ලිය එයාලා පස්සෙන් එනකොට, මේක සරල හමුවීමක් නෙවෙයි, ජීවිතය වෙනුවෙන් කරන බිහිසුණු සටනක් බවට පත්වෙනවා.
ඩැනීට සිද්ධ වෙනවා එයාගේ අඳුරු අතීතයට මුහුණ දෙන්න, ඒ වගේම විල්ව බේරගන්න ඕනේ හින්දා වර්තමානයේ තියෙන අභියෝගත් භාරගන්න. එයාලා වෘකයන් ගොඩක් මැද තනි වෙලා… ඒත් මේ වෘකයන් කියන්නේ කවුද? බලන්නම වෙනවා!
