Image Not Found

An Empress and the Warriors (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි

An Empress and the Warriors (2008) ලස්සන කතාවක් තියෙන චිත්‍රපටියක්.
මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ චිං සියු-ටුන් (Ching Siu-tung). ප්‍රධාන චරිතවලට ඉන්නේ කෙලී චෙන් (Kelly Chen), ඩොනී යෙන් (Donnie Yen), සහ ලියොන් ලායි (Leon Lai).

සීන් එක වෙන්නේ පරණ චීනයේ. එක රාජධානියක් (යන් රාජ්‍යය) තවත් රාජධානියක් එක්ක දිගටම යුද්ධ කරන කාලයක්. මේ අතරේ ‘යන්’ රජතුමා සටනකින් මැරෙනවා. මැරෙන්න කලින් එයා කිරුළ පවරන්නේ එයාගේ දුව, ෆෙයි’ර් කුමාරිකාවට (කෙලී චෙන්).
හැබැයි මේ තීරණේට රජතුමාගේ කපටි බෑණා කෙනෙක් කැමති වෙන්නේ නැහැ. ඌටත් ඕන කිරුළ.

කොහොමහරි, ෆෙයි’ර් දැන් රැජින. එයාගේ තාත්තගේ හිටපු විශ්වාසවන්තම සෙන්පතියා (ඩොනී යෙන්) තමයි රැජිනට යුද්ධ කරන්න, රාජ්‍යය පාලනය කරන්න උගන්වන්නේ.

දවසක් අර කපටි ඥාතියා, රැජිනව මරන්න කුමන්ත්‍රණය කරනවා. ඒ ප්‍රහාරයෙන් බරපතල තුවාල වෙන රැජිනව බේරගන්නේ කැලෑවක තනියම ජීවත් වෙන අද්භූත වෛද්‍යවරයෙක් (ලියොන් ලායි).

එයා ළඟ ඉන්න කාලේදී මේ දෙන්නා අතරේ ආදරයක් ඇතිවෙනවා.

දැන් තමයි ප්‍රශ්නේ. එයා ආදරය තෝරගෙන මේ සාමකාමී ජීවිතේම නවතිනවද? නැත්නම්, යුද්ධයෙන් පීඩා විඳින තමන්ගේ රාජධානිය බේරගන්න ආපහු යනවාද? එයා ආපහු ගියත්, අර කපටි ඥාතියාගෙන් එයාට දිනන්න පුළුවන් වෙයිද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.