Image Not Found

Anunnaki Origins: Sumeria to South America (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි

අතීතයේ මේ ලෝකෙට ආපු “අමුතු අමුත්තෝ” ගැන උනන්දුවක් තියෙන කෙනෙක් නම්, මේ චිත්‍රපටය ඔයාට මරු අත්දැකීමක් වෙයි. “අනුන්නාකි” (Anunnaki) කියන නම ඇහුණ ගමන් අපේ මතකයට එන්නේ පැරණි සුමේරියානු ශිෂ්ටාචාරය. හැබැයි මේ ෆිල්ම් එකෙන් ඒ කතාව තවත් අලුත් පැත්තකට අරන් යනවා. සුමේරියානු දේව කතා වල ඉන්න මේ අද්භූත ජීවීන් කොහොමද දකුණු ඇමරිකාවට සම්බන්ධ වෙන්නේ?

කතාව ගෙතෙන්නේ පුරාවිද්‍යා ගවේෂකයෝ කණ්ඩායමක් වටා. ඔවුන්ට හමුවෙනවා ලෝකයේ කෙළවරවල් දෙකක තියෙන අබිරහස් සාක්ෂි දෙකක් එකට යා වෙන විදිහ. මේ ජීවීන් ඇත්තටම වෙනත් ග්‍රහලෝකයකින් ආපු අයද? නැත්නම් අපේම ඉතිහාසයේ හැංගිලා තිබුණු දියුණුම මිනිස් කොට්ඨාසයක්ද? ඊජිප්තුවේ පිරමීඩ වලටත් වඩා පැරණි රහස් මේ චිත්‍රපටයෙන් හෙළි කරන්න උත්සාහ කරනවා. මිනිස් වර්ගයාගේ ආරම්භය ගැන තියෙන සම්මත මතයන්ට අභියෝග කරන මේ ගමන, ඔයාව කුතුහලයේ කෙළවරටම අරන් යනවා. දකුණු ඇමරිකාවේ අද්භූත නගර සහ සුමේරියාවේ මැටි පුවරු අතර තියෙන ඒ පුදුම සහගත සබඳතාවය මොකක්ද කියලා දැනගන්න නම් මේක බලන්නම වෙනවා. ඉතිහාසය සහ විද්‍යා ප්‍රබන්ධ එකතු වුණු මේ සිනමා අත්දැකීම ඔයාගේ හිතේ ප්‍රශ්න වැලක් ඉතිරි කරනවා නොඅනුමානයි.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct download and online watch
📥 Direct download