
Appleseed Alpha (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඇපල්සීඩ් ඇල්ෆා (Appleseed Alpha)
අධ්‍යක්ෂණය: ෂින්ජි අරමාකි (Shinji Aramaki) හඬකැවීම්: ලූසි ක්‍රිස්ටියන් (ඩූනන් ලෙස), ඩේවිඩ් මැට්රන්ගා (බ්රියාරියෝස් ලෙස)
මේ කතාව යන්නේ ලෝක යුද්ධයකින් පස්සේ විනාශ වෙලා ගිය අනාගත ලෝකයක. හැමතැනම නටබුන්. මිනිස්සුයි, සයිබෝර්ග්ලයි (යන්ත්‍ර මිනිස්සුයි) ජීවත් වෙන්න ලොකු අරගලයක් කරනවා. අපේ කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි ඩූනන් (Deunan) කියන කෙල්ලයි, එයාගේ සයිබෝර්ග් සහකරු බ්රියාරියෝස් (Briareos).
මේ දෙන්නා ඉන්නේ ලොකු ණයක පැටලිලා. ඒක පියවන්න එයාලා ‘Two Horns’ කියන පාතාල නායකයාට වැඩ කරනවා. මෙයාලගේ එකම හීනය තමයි මේ විනාශ වෙච්ච ලෝකයෙන් මිදිලා, “ඔලිම්පස්” (Olympus) කියලා හැමෝම කතා වෙන දිව්‍ය ලෝකයක් වගේ තියෙන සාමකාමී නගරය හොයාගෙන යන එක. හැබැයි කවුරුත් දන්නේ නෑ මේක ඇත්තටම තියෙන තැනක්ද නැත්නම් මිථ්‍යාවක්ද කියලා.
ඔහොම ඉද්දි දවසක් ඩූනන් සහ බ්රියාරියෝස් මෙහෙයුමක යද්දි අද්භූත කෙල්ලෙක්වයි, එයාගේ ආරක්ෂක සයිබෝර්ග් කෙනෙක්වයි බේරගන්නවා. මේ හමුවීමත් එක්ක එයාලගේ ජීවිතේම කණපිට හැරෙනවා. මේ අලුත් යාළුවෝ ළඟ “ඔලිම්පස්” නගරයට යන්න පුළුවන් රහසක් තියෙනවා කියලා ආරංචි වෙනවා.
ඒත් ප්‍රශ්නේ කියන්නේ, මේ රහස පස්සේ තව භයානක කට්ටියක් පන්නනවා. ඉතින් ඩූනන්ටයි බ්රියාරියෝස්ටයි සිද්ධ වෙනවා මේ අලුත් යාළුවෝ දෙන්නව ආරක්ෂා කරගෙන, තමන්ගේ හීනය වෙච්ච ඔලිම්පස් හොයාගන්න මාරක සටනක යෙදෙන්න.
