Image Not Found

Armored (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි

“Armored” (2009) නියම ඇක්ෂන් ත්‍රිලර් එකක්. මේක අධ්‍යක්ෂණය කළේ Nimród Antal. නළු නිළියෝ විදියට Matt Dillon, Laurence Fishburne, Jean Reno වගේ සෙට් එකක් ඉන්නවා. ප්‍රධාන චරිතේ (ටයි) කරන්නේ Columbus Short.

මේක සල්ලි ප්‍රවාහනය කරන සන්නද්ධ වාහන (armored truck) සමාගමක සේවකයෝ ටිකක් වටා ගෙතුණු කතාවක්. ටයි කියන්නේ මේ ජොබ් එකට අලුතෙන් ආපු, ටිකක් අමාරුකම් තියෙන කොල්ලෙක්. එයාට එයාගේ පොඩි මල්ලිවත් බලාගන්න තියෙනවා.

දවසක්, ටයිගේ ලොක්කා (Matt Dillon) ප්ලෑන් එකක් ගහනවා. ඒ තමයි, එයාලාම එයාලගේ ට්‍රක් එකක තියෙන ඩොලර් මිලියන 42ක් “හොරා වගේ” අරන් හංගලා, පස්සේ ඒක හොරකම් කළා කියලා රිපෝට් කරන්න. ප්ලෑන් එක තමයි, කාටවත් කිසිම කරදරයක් නොකර, සද්දයක් නැතුව වැඩේ දීලා සල්ලි ටික බෙදාගන්න.

ටයි මුලින් බය වුණත්, “කාටවත් කරදරයක් වෙන්නේ නෑ” කියන වචනෙට අකමැත්තෙන් වුණත් වැඩේට සෙට් වෙනවා.

ඒත් ඉතින්, ඔය වගේ දේවල් හිතන තරම් ලේසි වෙන්නේ නෑනේ. මුන් මේ සල්ලි ටික පාලු ගොඩනැගිල්ලක හංගනකොට, නොහිතපු විදියට සාක්ෂිකාරයෙක්ව මුණගැහෙනවා. එතනදී කල්ලියේ එකෙක් (Laurence Fishburne) අර මනුස්සයව මරලා දානවා.

ටයිට තේරෙනවා මේක සෙල්ලමක් නෙවෙයි, මිනීමැරුමක් කියලා. එයා ඒ වෙලාවෙම තීරණයක් ගන්නවා. එයා සල්ලිත් අරගෙන ආපහු ට්‍රක් එක ඇතුළට වෙලා දොරවල් ලොක් කරගන්නවා.

එතනින් එහාට තමයි කතාව පත්තු වෙන්නේ. එළියේ ඉන්නේ එයාගේම යාළුවෝ. හැබැයි දැන් එයාලා එයාව මරන්න වුණත් ලෑස්තියි. ට්‍රක් එකක් ඇතුළේ හිරවෙලා, තමන්ගේම සෙට් එකෙන් එයා බේරෙයිද? ඔන්න ඕකයි කතාව.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.