Image Not Found

Arthur and the Revenge of Maltazard (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි

කතාව පටන් ගන්නේ ආතර්ට ඔහුගේ ආදරණීය කුමරිය වන සෙලීනියාව (Selenia) මුණගැහෙන්නට මිනිමොයි (Minimoys) ලෝකයට යන්න දින ගනිමින් ඉන්න අතරතුරයි. මිනිමොයි කියන්නේ පුංචි සුරංගනා වගේ මිනිස්සු.

නමුත් අවාසනාවට, ආතර්ගේ තාත්තා නිවාඩුව ඉවර වෙන්න කලින් ආතර්ව නගරයට එක්ක යන්න තීරණය කරනවා. ඔය අතරේ තමයි පුදුම සිදුවීම වෙන්නේ! ආතර්ට හාල් ඇටයක සටහන් කරපු ‘උදව් කරන්න’ කියන පණිවිඩයක් ලැබෙනවා. ඒක සෙලීනියාගෙන් කියලා විශ්වාස කරන ආතර්, කොහොම හරි මිනිමොයි ලෝකයට යන්නට හදනවා.

ඒත් යන ගමන එතරම් ලේසි වෙන්නේ නැහැ. බලාපොරොත්තු නොවූ විදිහට ආතර්ට මිනිමොයි ප්‍රමාණයටම හැකිලෙන්න සිද්ධ වෙනවා.

දැන් මේ පුංචි ලෝකයේදී තමයි ඇත්තම දේ හෙළිවෙන්නේ. මේ පණිවිඩය සෙලීනියාගෙන් ආපු එකක්ද? නැත්නම් ඒ පිටුපස ඉන්නේ ආතර්ගේ සතුරා වන මැල්ටාසාර්ඩ් (Maltazard) ද? මැල්ටාසාර්ඩ්ට දැන් ඕන වෙලා තියෙන්නේ මිනිස් ලෝකයට ඇවිල්ලා තමන්ගේ පළිගැනීම ගන්න!

ආතර්ට පුළුවන් වෙයිද ඔහුගේ මිතුරන්ව බේරගෙන මැල්ටාසාර්ඩ්ගේ නපුරු සැලැස්ම නවත්තන්න? එයාට තමන්ගේ ප්‍රමාණයට ආපහු හැරෙන්න පුළුවන් වෙයිද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.