
Assassin (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි
සෙබස්තියන් කියන ඔත්තුකාරයා රහස් මෙහෙයුමක් අතරතුර ආබාධිත වෙනවා. ඇයි මේක වුනේ? මොකක්ද මේ පිටිපස්සේ තියෙන රහස? මේ ඔක්කොටම හේතුව තමයි පුද්ගලික මිලිටරි මෙහෙයුමක් විසින් හදපු අති-නවීන මයික්‍රෝචිප් එකක්. මේ චිප් එකෙන් පුළුවන්ලු, ඒජන්තවරයෙකුගේ මනස වෙන කෙනෙකුගේ ශරීරයකට ඇතුල් කරන්න. එතකොට ඉතින් කාටවත් සැක නැතුව මාරාන්තික මෙහෙයුම් කරන්න පුළුවන්.
සෙබස්තියන්ගේ ආදරවන්තිය වෙන ඇලෙක්සාට (Alexa) සිද්ධ වෙනවා එයාගේ පෙම්වතාට වුන දේ හොයන්න මේ වැඩේට සම්බන්ධ වෙන්න. එයාටත් වෙනත් කෙනෙක්ගේ ඇඟකට රිංගලා, පිටුපස ඉන්න අපරාධකරු ලඟට යන්න වෙනවා.
හැබැයි මේ වැඩේ ලේසි වෙන්නේ නැහැ. මොකද ඇලෙක්සාට සිද්ධ වෙනවා ඇගේ ඇත්ත අනන්‍යතාවය හංගගෙන, එයාට දුන්න ශරීරයේ ජීවත් වෙන්න. ඒ විතරක් නෙවෙයි, මේ භයානක මෙහෙයුමේදී ඇය අර අපරාධකරුවාට ටිකෙන් ටික ලංවෙනකොට, ඇගේ හිතේ නොසිතූ විරූ හැඟීම් ඇතිවෙන්න පටන් ගන්නවා.
දැන් තියෙන ප්‍රශ්නය, ඇලෙක්සාට පුළුවන් වෙයිද ඇගේ ඇත්ත මෙහෙයුම ඉටුකරන්න? එහෙමත් නැත්නම්, ඇය වෙනත් කෙනෙකුගේ ඇඟක හිරවෙලා, තමන්ගේ ආදරවන්තයා බේරගැනීමේ සටන පරාද වෙයිද? බලලම දැනගන්න ඕන දෙයක් තමයි මේ.
