Image Not Found

Avengers Grimm: Time Wars (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි

අර ‘Avengers Grimm’ සෙට් එක මතකයි නේද? ස්නෝ වයිට්, රෙඩ් රයිඩින් හුඩ්, ස්ලීපින් බියුටි එහෙම. මේ පාර එයාලට මුහුණ දෙන්න වෙන්නේ ඊට වඩා ලොකු අවුලකට.

කතාව පටන් ගන්නේ ඇට්ලැන්ටිස් (Atlantis) වල රැජින, මැග්ඩා, එයාගේ හමුදාවත් එක්ක ලෝකෙට කඩා පනිනකොට. මැග්ඩාට පිස්සුවෙන් වගේ ඕන වෙලා තියෙන්නේ ප්‍රින්ස් චාර්මින්ව (Prince Charming) බැඳගන්න. මොකද, එහෙම වුණොත් එයාට මුහුද විතරක් නෙවෙයි, ගොඩබිමත් පාලනය කරන්න පුළුවන් වෙනවා.

හැබැයි, නපුරෝ එතනින් ඉවර නැහැ. අර කවුරුත් දන්න පරණ හතුරා, රම්පල්ස්ටිල්ට්ස්කින් (Rumpelstiltskin) ආයෙත් කරළියට ඇවිත්. මෙයත් මැග්ඩා එක්ක එකතු වෙලා ලෝකෙම අල්ලගන්න ලොකු ප්ලෑනක් ගහනවා.

මේ දෙන්නා එකතු වෙලා අපේ ‘ග්‍රිම්’ වීරයෝ ටිකව අමාරුවේ දානවා. එයාලා මැජික් කණ්ණාඩියක බලයෙන් ස්නෝ වයිට්ලාව ‘කාලය’ හරහා ගොඩක් පරණ අතීතයකට (මැදි යුගයට වගේ) විසික් කරලා දානවා.

දැන් අපේ සෙට් එකට තියෙන්නේ ද්විත්ව අභියෝගයක්. එකක්, කොහොමහරි ආපහු තමන්ගේ කාලෙට එන්න ඕනේ. ඒ එන ගමන්, මැග්ඩයි රම්පල්ස්ටිල්ට්ස්කිනුයි ලෝකේ විනාශ කරන එක නවත්තන්නත් ඕනේ. කාලයත් එක්ක සෙල්ලම් කරලා මේක ගොඩ දාගන්න පුළුවන් වෙයිද? ඔන්න ඕකයි කතාව.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.